උණුසුම් පුවත්

නීතිපතිවරයාට සේවා දිගුවක් දුන්නොත් නරක පූර්වාදර්ශයක් වේවි

ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම

ජනාධිපතිවරයෙකුගේ ධුර කාලයේ නිමාවට පෙර කුමන හේතුවක් නිසා ජනාධිපතිවරයා ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් හෝ මිය ගියහොත් ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව තුළින් පත් කර ගත හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරයා පත් කරන්නේ ජනතාවගේ ඡන්දයෙන් 50% කුත් හා එක ඡන්දයක් ලබාගත් පුද්ගලයායි. ඔහු ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙක්. එයට ව්‍යතිරේඛයක් තිබෙනවා, යම්හෙයකින් එම ජනාධිපතිවරයාගේ ධුර කාලයට පෙර ජනාධිපතිවරයා අකර්මණ්‍ය වුවහොත් ඒ වෙනුවට ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත්කර ගත හැකියි. එසේ පත්කරන ජනාධිපතිවරයාට බලය පැවරෙන්නේ ඒ ඉතිරි කාලය සඳහා පමණයි. 2019 දී ජනවරම ඉල්ලන්නේ අවුරුදු පහක කාලයකට. 2010 දී හා 2015 දී පැවති ජනාධිපතිවරණයේදී ධුර කාලය අවුරුදු පහකින් අවසන් වුණා. 1982 දී ජේ.ආර්. ජයවර්ධන පර්ලිමේන්තුවේ ධුර කාලය ජනමත විචාරණයෙන් වැඩිකර ගත්තේ ජනතාවගෙන් හයෙන් පහක ඡන්ද බලයක් ඒ වන විට ලැබී තිබුණු නිසා.

නමුත් මේ රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගත් අපේක්ෂකයෙක් නොවෙයි. ඔහු අඩුම තරමේ ජනාධිපතිවරණයටවත් ඉදිරිපත් වුණු පුද්ගලයෙක් නොවෙයි. ඒ නිසා ඔහුගේ ධුර කාලය වැඩිකර ගන්න ව්‍යවස්ථාවෙන් ඔහුට බලයක් ලැබෙන්නේ නැහැ. ඔහු ඇවිත් තිබෙන්නේ ජනාධිපති ධුරයේ ඉතිරි කාලය සම්පූර්ණ කරන්න. ඔහුගේ ධුර කාලය වැඩිකර ගැනීමට ඔහු ඉල්ලනවා නම්, පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්ත වගේම, ජනමත විචාරණයකිනුත් සම්මත වෙන්න ඕනෑ. මේ අවස්ථාවේ රටේ ජනතාවගේ පෙළගැස්ම බැලූවිට පෙනී යන්නේ ඔවුන්ට ජනමත විචාරණයකින් ජයග්‍රහණය කිරීම හිතන්න වත් බැරි අවස්ථාවක්. ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා වගේම මැතිවරණ කොමිසමත් පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා ඡන්දය ප්‍රකාශයට පත්කරන බවට. රටේ මහජනතාවට අලුත් ජනාධිපතිවරයෙකු වගේ අලුත් පාර්ලිමේන්තුවකුත් අවශ්‍ය වී තිබෙනවා.

ආණ්ඩුව උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් නීතියේ පාලනය බිඳ වැට්ට වීමටයි

නීතිඥ අකලංක උක්වත්ත

ජාතික ජන බලවේගයේ නායකත්වය, මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයෙන් දිනන බව බණ්ඩාරලා දෙන්නෙක් විසින් පිළිගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර කීවා “අපි බලාපොරොත්තු වෙනවා, මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැත්තක තියලා, ජනමත විචාරණයකින්, තවත් අවුරුදු දෙකකට මේ තත්වය එහෙමම පවත්වාගෙන යන්න.” මේ කියන්නේ, ජනාධිපතිතුමාව එහෙමම තියාගෙන යන්න. ඒකෙන් ව්‍යංගව තේරුම් යන්නේ ජනාධිපතිවරණයක් තිබ්බොත් රනිල් වික්‍රමසිංහ කපෝති වන බව ඔහු පිළිගත් බවයි. ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි දේ තමයි, ජනාධිපතිවරණයක් දිනන්න බැරි රනිල් වික්‍රමසිංහ ජනමත විචාරණයක් දිනන්නේ කොහොමද කියන එක. නලින් බණ්ඩාර, විවාදය සඳහා දිනය ලෙස ඔවුන්ම හයවැනිදා දීලා, පසුව එය මඟ හැරලා, පාර්ලිමේන්තුවේ මෙච්චර කල් රූකඩයක් වගේ ඉඳලා, අවසානයේ අසූචි තවරාගත් ඌරෙකු බවට පත්වෙලා වැඩේ අවසන් කර ගත්තා. තමන්ගේ නායකත්වය ඒ තත්වයට පත්කරගන්න එපා කියලා අපි කියනවා. මේ බණ්ඩාරලා දෙන්නම රනිල් වික්‍රමසිංහ විසින් හසුරුවනවා වගේ තමයි පේන්නේ. මේ බණ්ඩාරලා දෙන්නම පිළිගෙන තිබෙනවා මේ ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක සහෝදරයා දිනනවා කියලා.

රංගේ බණ්ඩාර කියනවා, “අරගලයෙන් පස්සේ ජනාධිපතිතුමා රට බාර අරගෙන කරගෙන යන වැඩපිළිවෙළ ගැන රටේ බහුතර ජනතාවගේ විශ්වාසයක් ඇතිවී තිබෙනවා” කියා. මම අහනවා රංගේ බණ්ඩාරගෙන් මොකක්ද ඒ වැඩපිළිවෙළ,