ආර්ථිකඋණුසුම් පුවත්

නීති විරෝධීව කුවේට් හි රැදී සිටින ශ්‍රී ලාංකීකයනට පොදු සමා කාලයක්

5000 ක් එන්න සූදානමින්

වීසා කාලය නිමාවී නීති විරෝධීව කුවේට් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයනට පොදු සමා කාලයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් - අහමඩ් අල් - ජාබර් අමාත්‍යවරයා  විසින් ලබා දී ඇත. මේ වන විට එහි රැඳී සිටින්නා වූ ලාංකීකයන් පිරිස විසිදහසකට ආසන්න ය. මොවුන් ගෙන් පුද්ගලයින් පන්දාහක පමණ පිරිසක් ලංකාවට ආපසු ඒමට සූදානමින් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව ආරංචි මාර්ග දක්වයි.

ඉකුත් 17 වැනි දා යින් ඇරඹුණු පොදු සමා කාලය අප්‍රේල් මස 17 වැනී දා යින් පසු නිමාවේ.

මෙම පොදු සමා කාලයෙන් බැහැරව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇගිලි සළකුණු ලබාගෙන, යළි කුවේට් රාජ්‍යය වෙත පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000 ක දඩ මුදලක් ද අය කර පිටුවහල් කෙරෙනු ඇත..ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී එරටින් පිටවීමට කටයුතු කළහොත් දඩ මුදල් ගෙවීම හෝ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග වෙත හෝ අනුගත වීමට අවශ්‍ය නොවේ.