උණුසුම් පුවත්දේශපාලනප්‍රමුඛ පුවත

නොනිල ප්‍රතිඵල ජනතාව අතරේ ප්‍රචාරය නොකරන්නැ යි මැතිවරණ කොමිසමේ සභාපති කියයි.

සාමකාමීව ඉවසා සිටින්න ඡන්ද නිල ප්‍රතිඵල කියන තුරු

නොනිල මැතිවරණ ප්‍රතිඵල ජනතාව අතරේ ප්‍රචාරය නොකන්නැ යි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය. 

ජනාධිපතිවරණය  වැනිදා පස්වරු  4. 00  ට අවසන් වීමෙන් අනතුරුව පසවරු 4 .15 ට පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. ඒ. එල්. එම්. රත්නායක මහතා පැවසී ය.

ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානය අසල හෝ මංමාවත් හි හෝ එක්රොක් වී නොසිට නිවෙස් කරා පැමිණ කාලය ගත කරනා සේ මැතිවරණ කොමිසමේ සභාපති වරයා  ජනතාවගේ ඉල්ලීමක් කරයි.

ඔහු එසේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලද්දේ ඊයේ (19) පැවැත්වූ විශේෂ මාධ්‍යය හමුවක දී ය.

අනවශ්‍ය ලෙස මංමාවත් හි මහජනතාව එක්රොක් කොට ගෙන,   කල්ලි ගැසී පුළුල් තිර යොදාගෙන රූපවාහිනී දර්ශන නැරඹීම හෝ රතිඤ්ඤා පත්තුකර කර, ආලෝකය විහිදෙන බැලුම් අහසට යවමින් රොක්වී හිඳීම නීතිවිරෝධී රංචු ගැසීමේ චෝදනාවට අයත් හෙයින් එවන් ක්‍රියාකාරකම් වලට නොපෙලෙඹෙන සේ ඔහු ජනතාවගෙන් ඉල්ලි සිටියි.

නීතිය දැඩිව ක්‍රියාත්ම කරන බවත් සාමය පවත්වා ගෙන යෑමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඒ සඳහා යොමු වී ඇති අතර අවශයතාවයක් වුවහොත් රටේ හදිසි අවස්ථාවක් සේ ආරක්ෂක හමුදා කැඳවීම සිදු කරන බවත් රත්නාක මහතා සඳහන් කළේ ය.