ආරක්ෂකඋණුසුම් පුවත්

පනංගල තුන් මිනීමැරුමට සැකපිට හිටපු ඇමතියකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට

ඝාතනය කරන්දෙණිය සුද්දාගේ නියමයෙන්?

පනංගල තුන් මිනීමැරුමට සම්බන්ධයැයි සැකකරමින්  හිටපු අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හේ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයකු ද වේ. නමින් හේ ප්‍රියන්ත ජයතිලක ය පතාල දඩයක්කරුවන්ගේ ස්වයංක්‍රිය ගිනිබටවල ඉලක්ක බවට පත්ව ඝාතනයට ලක්වූයේ හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි දිසාරා ගෙස්ට් හවුස් හිමිකරු වන පී. ඩබ්ලිව්. ඩී. ඉඳුනිල් සමන් කුමාර (55),  සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි චතුරංග කුමාර බටගොඩ (39) හා බටපොල නාමල් සෙවණ පදිංචිව හුන් එස්. එම්. නෙවිල් (34) නමැත්තන් ය. මේ ත්‍රිත්ව ඝාතනය ඉකුත් 30 වන දින රාත්‍රි 11ට පමණ සිදුකර ඇති බව පොලිසිය කියයි.

 

මරුමුවට පත් තිදෙනා තවත් දෙදෙනකු සමග දිසාරා ගෙස්ට් හවුස් හි  මත්පැන් පානය කරමින් සිටියදී අපරාධකරුවන් කඩා වැදුණු  අවස්ථාවේ දී දෙදෙනකු දිව පැනගොස් දිවි බේරා ගන්නා ලදි.

ඔවුන් දෙදෙනාගෙන් පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් වැඩිදුර විමර්ශන සිදුයි. 

වෙඩි තැබීමට හේතුව ලෙස මුදල් ආරවුලක් පැවැතියත් පසුව අනාවරණය වී ඇත්තේ විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීම මත ලැගුම්හල් හිමිකාර නෙවිල් නැමැති පුද්ගලයා ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුකරැති බවයි.

හේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධී ඒකකයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු ගේ ඔත්තුකරුවකු බවත් නෙවිල් නැමැත්තාට මීට කලින් ද තර්ජන එල්ල වී තිබෙන බවත් පොලිසිය කියයි.

මීට සම්බන්ධ යැ යි සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රියන්ත ජයතිලක නමැත්තා එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයකු සේ සිට අනතුරුව පොදුජන පෙරමුණෙහි ද සාමාජිකයකුව සිටි බව අපේ ආරංචි මාර්ග සඳහන් කරයි.  අනතුරුව හේ යළි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී හිටපු ඇමතිවරයකු වන මනූෂ නානායක්කාර මහතා ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සේ පත්වීම් ලබා සිටිය දී විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ගෙන ඇති බව ද අනාවරණය වී ඇත.

 මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් හතක් විවිධ පැති ඔස්සේ පරික්ෂණ සිදුකරයි.

                       (ඝාතනයට ලක් වූ තිදෙනාගෙන් පනංගල මිතුරන් දෙදෙනා)