උණුසුම් පුවත්කාලීනපරිසරය

ප්‍රදේශ කීපයකට දැඩි රස්නෙ

එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන්න - කාලගුණේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාප දර්ශකයට අනුව, උතුරු, උතුරු මැද, වයඹ සහ සබරගමුව පළාත්වල සහ ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක යන ප්‍රදේශවල සමහර ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමදක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහජනතාවට, හැකිතාක් දුරට සෙවණෙහි විවේක ගැනීමටත්, වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කිරීමටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පොදු ජනයාට දන්වයි.