උණුසුම් පුවත්පරිසරයවිදෙස්

ප්‍රබල භූමිකම්පාවෙකින් ඇෆ්ගනිස්ථාන වැසියන් 600 කට වඩා මරු තුරුලට

කාබුල් හි සිට කිලෝමීටර් 140 (සැතපුම් 87) ක් දුරකට මෙය දැනී ඇත.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගොස් 1,500 ක් තුවාල ලබා තිබේ.

පකිස්ථාන දේශසීමාව අසල නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ප්‍රාදේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියට පෙර රික්ටර් මාපකයේ 6 ක භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

‌මේ ඛේදවාචකය ඇෆ්ගනිස්ථානයේ කඳුකර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ රිච්ටර් මාපකයේ 6.0 ක අගයක් දැක්වෙන භූමිකම්පාවකි.  එරට වේලාවෙන් 23:47 (BST 20:17)  මෙය සිදුව ඇත්තේ ඉරිදා ය.

එහි අපිකේන්ද්‍රය ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ රටේ පස්වන විශාලතම නගරය වන ජලලාබාද් සිට සැතපුම් 17 (කිලෝමීටර් 27) ක් දුරින් පිහිටා තිබුණි.

භූමිකම්පාව කුනාර් සහ ලග්මන් පළාත්වලට ද බලපා ඇති අතර, රටේ අගනුවර වන කාබුල් හි කිලෝමීටර් 140 (සැතපුම් 87)  දුරකට මෙය දැනී ඇත.