සීනිගම දොවොල් මහ දෙවොලේ නව භාරකරු ඩී.එච්. ශ්‍රීපාලි ඩන්කන් කුමාර මහතා

සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ නව භාරකාර ධූරය සඳහා විශ්‍රාමික පරිපාලන ග්‍රාම නිලධාරි ඩී.එච්. ශ්‍රීපාලි ඩන්කන් කුමාර මහතා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පත් කොට තිබේ.
නව භාරකාර ඩන්කන් කුමාර මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා වෙතින් තනතුර ට අදාළ පත්වීම ලබා ගන්නා අයුරු සේයාරුවෙන් දැක්වේ .
ඩන්කන් කුමාර මහතා හික්කඩුව සමථ මණ්ඩලයේ සමථ නිලධාරියෙකු සහ දිවයිනට ම සාම විනිසුරු වරයෙකු ලෙස ද කටයුතු කරයි.
---------------------------
ලේ දන්දීමේ පින්කමක් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී මේ මස 17 වැනි දා
අම්බලන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රථම සද් කාර් ය ලෙස ජූලි මස 17 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර් යාල පරිශ්‍රයේදී ලේ දන් දීමේ පින්කමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය මහ ලේකම් එම්.ජී.හසන්ති නිරෝෂනී මහත්මිය ,කාර් යාල නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනාගේ ම සහයෝගයෙන් මෙම ලේ දන් දීමේ පින්කම සංවිධානය කොට ඇතැයි ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මීටියාගොඩ විවේකාරාම විහාරාධිපති පූජ්‍ය අම්බලන්තොට පේමරතන හිමියන් පැවසීය.
--------------------
මුළු දිවයනට ම සාම විනිසුරුවරයකු සේ මීටියගොඩ බී. රවීන්ද්‍ර මහතා දිවුරුම් දෙයි

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරත්තදූව, මීටියාගොඩ ලිපිනයේ පදිංචි බේරුවලගේ රවීන්ද්‍ර මහතා මුළු දිවයිනටම සාම විනිසුරු වරයෙකු ලෙස ඉකුත් 24 වනදා බලපිටිය දිසා විනිසුරු දමිත විජේසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී .
දකුණු පළාත් මාර්ගස්ථ මමඟී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂක වරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා ශාස්ත්‍රවේදී උපාධි ධරයෙක්ද වේ.
-----------------------------------------------------------------------------------------------------------------------
බාලදක්ෂ තෙදින වැඩ සටහනක්
ප්‍රංශ රාජ්‍යයේ බාලදක්ෂයන් 29 දෙනෙක් හා ආචාර්ය වරු හතර දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් තෙදින මිත්‍රත්ව වැඩ සටහනක් සඳහා ගිංතොට විද්‍යාලයීය බාලදක්ෂ සමූහය හා කටයුතු කිරීමට ජූලි 9 දින පැමිණීමට නියමිතය .
ඒ අනුව පහත සඳහන් දිනවලදී වැඩසටහනක් ගිංතොට විද්‍යාලයේ දී
පැවැත්වෙන බව විද්‍යාලයීය බාල දක්ෂ ආචාර්ය එම්.එස්. දිසානායක මහතා දන්වා සිටී.
2024-7-10 ප්‍රථමාධාර පුහුණු වැඩසටහන .
2024-7-12 පැල සිටු වීමේ වැඩ සටහන
2024-7-17 ගිනි මැල සංදර්ශනය ප.ව.3.30 සිට ප.ව.7.30
- ලාල් ගොඩගේ -
 
            
