උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්යය හා කලාව ප්රියා සූරියසේන සමුගනී 2024-12-240 අවසන් බුහුමන් සඳහා හෙට දේහය ගංගොඩවිල නිවසට ප්රතිභා පූර්ණ ගායක ප්රියා සූරියසේන මහතා අද මෙලොවින් දිවි ගමන හමාර කළේ ය. ප්රියා අප අතරින් නික්ම යන සඳ අසූ වැනි වියේ පසු විය. කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී හේ දිවිමඟ හමාර කළේ ය. ''හෙට දවසේ අප දෙදෙනා, රටකින් එහා, ආදරණීය නේරංජනා, මට වාසනා, මගේ සැමරුම් පොතේ, සුදු පරෙවි රෑන සේ පියා සලා, ගෙල වට බැන්දා වූ මුතු පොටේ, ආදී රසික දනන් මුව තුඩ රැව් දෙන ජනප්රිය ගීත රැසක් දායාද කළ ප්රියා චිත්රපට පසුබිම් ගායකයකු සේ කරලියට පිවිසියේ 'හරියන කොට ඔහොම තමයි' සිනමා පටයෙනි. සිකුරු දසාව, සෙලිනාගේ වලව්ව, ඈතින් ඈතින් ඈතට වැනි චිත්රපට ගණනාවක පසුබිම් ගායනයේ යෙදුණි. කැන්දම් යන්නම් රන් මල්මාලා දාලා ගීය තවත් ජනප්රිය ගායකයකු සේ ජනතාව අතර නමක් දිනා හුන් මිල්ටන් මල්ලවාරච්චි සමඟඈතින් ඈතට චලන චිත්රයේ ගායනයේ යෙදීමෙන් ඔහු හිමිකර ගත් සුවිශේෂත්වය සූරිගේ ජීවිතයේ නව පිම්මක් සේ සඳහන්හ කිරීම වටී. ලක්ෂිත, මිනෝෂි හා ඉරෝෂී යන තිදරුවන් ගේ පියාණන් වූ සූරි ඔහුන් සංගීත ක්ෂේත්රයේ නමක් රඳවා ගන්නට මඟ හසර පාදා දී ඇත්තේ ය. මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ හෙට (25) පෙරවරුවේ සිට තැන්පත් කිරීමට නියමිතයි. හෙළදිව ප්රියා සූරියසේන නම් ඒ ප්රවීණ ගායකයාට උත්තමාචාර පිරිනමයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පොඩි ලැසියි කුඩු සලිඳු යි රටින් පලා ගිහින්? Next Article සාමයේ පණිවිඩය රැගෙන ආ කුමරුවාණන් ගේ උපත සිදුවූයේ අද (25) යි