උණුසුම් පුවත්කාලීන

පාතාලයින් ඉන්දියාවට ගෙනයාම ජාවාරමක්?

පාතාලයේ වෙඩික්කරුවන් ඇතුළු 100 ක් පමණ පසුගිය වසර කිහිපය තුළ මේ කණ්ඩායමේ මැදිහත් වීමෙන් ඉන්දියාවට පන්නලා

පාතාල අපරාධකරුවන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ වෙනත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් නීතිවිරෝධීව බෝට්ටු මඟින් ඉන්දියාවට රැගෙන යාමේ ජාවාරමක් පොලිසියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හෙළි කරගෙන ඇත..

ඉන්දියාවේ සිය මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා රැගෙන එන සහෝදරයින් පිරිසක් විසින් මෙම ජාවාරම් කරගෙන යන බවත්, මේ වන විට ප්‍රබල අපරාධකරුවන් මෙන් ම පාතාලයේ වෙඩික්කරුවන් ඇතුළු 100 ක් පමණ පසුගිය වසර කිහිපය තුළ මේ ජාවාරම්කාර කණ්ඩායමේ මැදිහත් වීමෙන් ඉන්දියාවට පන්නා ඇති බව ද පොලිසිය පවසයි.

පසුගියදා නේපාලයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබූ ඉෂාරා සෙව්වන්දි ඇතුළ් 6 දෙනා ගෙන් ඉෂාරා ඇතුළු තිදෙනකු ම බෝට්ටු මඟින් ඉන්දියාවට පන්නා ඇත්තේ මෙම සහෝදර කණ්ඩායමේ ආනන්දන් නමැති ජාවාරම්කාර පුද්ගලයා විසින් බව ද, පොලිසිය සොයාගෙන තිබේ.

මොවුන් ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් ඉන්දියාවට ගෙන යෑම සඳහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් අයකර ඇති බව ද පොලිසිය කියයි.