ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන පාතාලයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සමහර පොලිස් නිලධාරීන් වැටුප් ලබනවා 2024-12-260 මහරජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් චෝදනා “පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම යට පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. අපිට රුවන්වැල්ලේ මුළු පොලීසියම වගේ මාරු කරන්න සිද්ධ වුණා. බුද්ධි තොරතුරු අරගෙන. ඒ විතරක් නෙමෙයි අවිස්සාවේල්ලේ. මේ අය ජාලයක්. පාතාල සල්ලි පොලීසිය අතට යනවා" යි මහජන ආක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා පොලිසියට චෝදනාවක් එල්ල කළේ ය. ඔහු එසේ ප්‍රකාශ කරන ලද්දේ දෙරණ නාලිකාවේ වැඩසටහනට එක්වෙමිනි. මත්ද‍්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්දනයට රජය ගෙන ඇති ඇතැම් පියවරයන් මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි බව ද වටගල මහතා සඳහන් කළේ ය. ''අපි පොලිස්පතිව ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පාතාලය මෙහෙයවන්නා ඉන්නේ මතුගම" බව ද ඔහුගේ හෙළිදරව්ව විය. ''අපි මේක ප්‍රශ්නයක් විදියට දකිනවා. අපි ගත්තු සියලුම ක්‍රියාමාර්ග මාධ්‍ය හරහා හෙළිකරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දීලා තියෙන්නේ පොලිස්පති ඇතුළු කණ්ඩායමට" ''අපි සියලුම පොලිස් නිලධාරීන්ට කියන්නේ මහජන වරමට ගරු කරන්න කියලා" පොලිසියට සැල කළේ ය. ඊයේ පෙරේදා ආයෙත් පාතාල සිද්ධි ඉස්මතු වුණා. මේක ඇතුළේ පටු අවස්ථාවාදී දේශපාලනයත් තියෙනවා.” ඔහු පැවසී ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට Next Article අවුරුදු විස්සකට පසු: ‘සුනාමිය’ වදින විට මගේ බෝට්ටුව වෙරළට මීටර කිහිපයක් දුරින්