මිනිස් ඝාතනයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ චීටි යා ලු මොහු
හොර පාස්පෝට් එකක් භාවිතා කොට රටින් පැන ගෑමට කැස කැවූ පාතාල අපරාධකරුවකු කටුනායක ගුවන් තොටේ දී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් කොටුකර ගෙන ඇත. ඊයේ සීඅයිඩී නිලධාරින් විසින් අල්ලා ගන්නා ලද මේ අපරාධකරුවා එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චීටි නැමැති අංගොඩ මුල්ලේරියාවේ පදිංචි පුද්ගලයෙකි.
මේ පාතාලයා අංගොඩ ලොක්කා නමැති නම් දැරූ පාතාලයාගේ ප්‍රබලතම ගෝලයකු බව පොලිසිය කියයි.
මෙම සැකකරු ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ ගේලෙස ග්‍රහනයට පත්විය.
පහුගිය 19 වනදා මුල්ලේරියාව පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් ළඟ තබා ගෙන හුන් නාවික හමුදා නිලධාරීන් තිදෙනකු හා තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මේ පාතාලයා විසින් ඔවුන්ට එකී අයිස් මත්ද්‍රව්‍ය දී ඇති බව හෙළිවීමෙන් පසු මොහු ලුහුබඳිමින් සිටිය දී හේ පිටරටකට පනින්නට උත්සාහ කරද්දී මෙසේ කෙටු විය.
අත්අඩංගුවේ පසුවන මොහු මිනිස් ඝාතනයක් සිදු කිරීම හා ගිනි අවි ළඟ තබා ගැනීමත් තවත් අපරාධ රැසකට සම්බන්ධ බවත් පොලිසිය කියයි.