උණුසුම් පුවත්දේශපාලන

පාර්ලිමේන්තුවේ පුටුවක් හිස් වේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම ගැන කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද උදේ (15) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තුවට දන්වන ලද්දේ ය.  

  එළඹෙන පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට තරග වැදීම සදහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත් හැරි ය වග සඳහන් වේ.

ඔහු එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ද වේ.