පෙරවරු 9. 30 ට ඇරඹේ
2026 අයවැය සම්මත කිරීමෙන් පසු ජනවාරි මස 6 වැනිදා තෙක් කල් තබන ලද පාර්ලිමේන්තුව එළඹෙන 18 වනදාට කැඳවා ඇත.
කතානායක වෛද්‍ය ජගත් විකුමරත්න මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මේ බව ප්‍රකාශ කර ඇත.
කතානායකවරයා මැතිසබය කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව දෙසැම්බර් 18 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව කැඳවනුයේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය විසින් කරන ලද ඉල්ලීම ප්‍රකාව යි.
'දිට්වා සුළි කුනාටුවෙන් ආපදාවෙන් විපතට පත්වු ජනතාවට සහන සැලසීමට යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන මෙන්, පක්ෂයක් ලෙස අප ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආචාර්ය හරිනි අමසූරිය අගමැතිනිය වෙත ලිපියක් ද යවා තිබුණි
