කොළඹ දිස්ත්‍රික්කයේ මිතුරු මිතුරියනි,
සත්‍යය වෙනුවෙන් ම සිය ජීවිතයේ මෙතෙක් ආ ගමනේ දී කැපවීම් රැසක් කළ භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් හැටියට සේවය කළා.
තිස් හවුරුදු යුද්ධයේ අවසන් කාලයේ දී යුද බිමට ගොස් ඔහු 'මුර අඩවිය' නමින් දිනමිණ පත්තරේට ලියන ලද යුද්ධයේ සැබෑ තත්ත්වය කියවීමට පාඨක ප්‍රජාව දැක්වූයේ මහත් අභිරුචියක්. ඒ ඔහු යුද ගිනි දැල් මැද කරන ලද ගවේෂණයේ පැවති ජීවීය ස්වභාවය නිසා.
ගවේෂණශීලී පුවත්පත් කලාවේදියකු වූ භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සිය පෞරුෂය රැකගනිමින් ඉදිරි කටයුතු කරනු ඇත යන්න අපගේ විශ්වාසය යි.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින්නේ සිය හැකියාවන් නිපුණතාවන් හා කුසලතා වඩාත් ශක්තිමත් ලෙස ජනදුක නිවීමට ඇති දැඩි අදිටනකිනි.
පිය මිතුර,
මිතුරිය
ඔහුට වඩාත් නිවැරදි දේශපාලන දැක්මක් ඇති බව අපගේ විශ්වාසය යි. නිබඳවම ජාතිකත්වයට මුල්තැන දෙමින් හෙළ බස, හෙළ දෙස, හෙළ රැස රැකගනිමින් වඩාත් සංවර්ධිත ජන සමාජයක් බිහිකිරීමට දායකත්වය දීම ඔහුගේ අපේක්ෂාව යි. අරමුණ යි.
හොරුන්, දූෂිතයන්, බොරුකාරයන් ගේ ගොඩට ඔහු නොවැටෙනු ඇත යි යන්න සහසුද්දෙන් ම කිව හැකිය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අකුරු කළ ඔහු සමාජයට පිවිසෙන්නේ පත්තරකාරයෙක් හැටියට යි. ඒ් ලක්බිම පුවත්පතේ පුහුණුව ලබමිනි.
ඔහු හා ලක්බිමෙන් පත්තරකාරයන් වූ බොහෝ දෙනකුගේ මඟපෙන්වන්නා වූයේ, ගුරුවරයා වූයේ, අකාලයේ අප අතරින් නික්ම ගිය කෘතහස්ථ පුවත්පත් කතුවරයෙක්, ගීපද රචකයෙක් වූ, කිත්සිරි නිමල් ශාන්තයන්. ඔහුගෙන් දැනුම වඩා ගත් තරුණ තරුණියන් රොත්තක් ම අද දවසේ වෘත්තීය මාධ්‍යවේදීන් වේදිනියන් සේ සමාජයට කරන්නේ අනගි මෙහෙවරක්.
මේ රට අපේ මව්බිම රැක්මට, ඉදිරියට නංවන්නට ඔහුට හැකිවේවි.
ඉතින් සබඳ තරුණ ජවයට ඉඩහසර පාදා දෙන්නට ඔබ මනාප නම්....
ඔබේ කතිරය භක්තිට පිරිනමන්නට බුද්ධිමත් වන්න, කාරුණික වන්න!!!
ඔහු තරග කරන්නේ මෝටර් රිය ලාංචනයෙන්.
ඔහු ගේ අංකය 14
සත්‍යය ම ගරු කරන
සත්‍යයට ම හිස නමන
සත්‍යගරුක
භක්ති වැනි හොඳ ගතිගුණෙන් පිරුණු කාර්යශූර, දක්ෂතාවන්ගෙන් හෙබි, ජවයක් සහිත, අයුක්තිය ආසාධාරණය හමුවේ නොබියව පෙරට එන දූපුතුන් රටට දැයට සමාජයට ඇවැසි කාලය යි මේ.
ජරාජීර්ණ වූ දේශපාලන මඩ ගොහොරුවේ ගඳින් පිරුණු කලල් සුද්ද බවික්ර කොට දියවන්නා හොයෙහි සුනිමල වූ ජලයෙන් පෝෂිත කොට සුන්දර හොයක් සේ එය දිදුලවන්නට හැක්කේ මෙවන් ක්‍රියාසූර පරපුරකට යි. ඒ අය අකරට භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් නම් පත්තරකාරයා ද එක්කළොත් සමාජයට රටට යහපතක් ම වේවි.
ඉදින්..... ඉතින් ඔබට කිසියම් විශ්වාසයක් ඔහු කෙරෙහි තැබිය හැකි නම් ඔබ ඔබේ යුතුකම කරන්නට දෙවරක් සිතන්නෙපා.
කොළොම්පුරේට ඔහුගෙන් වැඩක් මිස අවැඩක් නම් නොවනා වග සිකුරුයි.