රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආකාරයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි - ජනාධිපති අනුර කුමාර දිසානායක
පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් පිළිබඳව වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් ඉතාමත් සැලැසුම්සහගතව ජනතාව කලබලයට පත් නොවන ලෙස සංචාරක ව්‍යාපාරයට බාධා නොවන ලෙස පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත්තා. බුද්ධි අංශ තොරතුරක් ආවාම ආණ්ඩුව නිවැරැදිව ක්‍රියා කරන්නේ එහෙමයි. මාතර එක්කෙනෙක් කෑගහනවා, මාධ්‍යයට නොකීවේ ඇයි කියලා. එයා ගිහින් මාතර නැත්නම්, මිරිස්සේ මුර කරන්නද? නිසි ආරක්ෂක පියවර අරගෙන සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත් අප සමත් වුණා. එහෙත්, ලෝකයේ යුද ගැටුම් තත්ත්වයන් වර්ධනය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝකය පුරා අනතුරක් නිර්මාණය වී තිබෙනවා. එවැනි අනතුරක් ලංකාව තුළ ඇති නොවීමට ක්‍රියා කිරීමේ වගකීම නිසි ලෙස අප භාරගෙන ක්‍රියා කරනවා. එසේ තිබිය දී, එක් නාළිකාවක් මුළුමනින් ම අසත්‍ය ප්‍රචාර ගෙන ගියා. ඉන්දියාවෙන් තොරතුරු ලැබුණු බවත්, ප්‍රහාරය සඳහා මුදල් ලබා දී තිබූ බවත් වශයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ (30) මාතර දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ජාතික ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීම උදෙසා පැවති ජන හමුවක දී ය.
මේ අසත්‍ය ප්‍රචාරවල අරමුණක් තිබෙනවා. අප බලය අරගෙන ගෙවී ගිය කෙටි කාලය තුළ අපට ස්ථාවර බලය තිබෙන්නේ සීමිත ස්ථාන කිහිපයක. ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය වශයෙන් ඉතාම කුඩා පාලන ඒකකයක් අපට තිබෙන්නේ. මහා මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. පළාත් සභා සහ පළාත් පාලන ආයතන අක්‍රිය වී තිබෙනවා. නමුත්, තුන්දෙනෙක් සහිත කැබිනට් මණ්ඩලය පවතින නිසා බලය ශක්තිමත් ආකාරයට වර්ධනය කර ගැනීමට ඉඩ නොදී දුර්වල කරන්න ඔවුන් අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ඒ නිසා අකර්මණ්‍ය කර අඩාළ කර අරාජික කිරීමේ අරමුණින් ඔවුන් මේ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ආර්ථිකයේ අස්ථාවරභාවය සහ සමාජ අනාරක්ෂිතභාවයක් සම්බන්ධයෙන් මාධ්‍ය නාලිකා පමණක් නොවෙයි, දේශපාලනයේදීත් අසත්‍ය තොරතුරු කියමින් සිටිනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට තීරණය කර සල්ලිත් වෙන් කළ බව කියනවා. අනධ්‍යයන කාර්යමණ්ඩලයේ වැටුප් ප්‍රශ්නයකට විසැඳුම් නොදී මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණා. රනිල්, ඔයාගේ කතා වැඩක් නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩි කරන ක්‍රියාමාර්ග ගන්නවා. ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් රාජ්‍ය සේවකයන් ලබා දී තිබීම නිසා ඔවුන් බිඳවට්ටන අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ඒ වාගේම මාස දෙක, තුනකින් ආණ්ඩුව වැටෙන බවටත් ප්‍රචාර ගෙන යනවා. රට ගොඩනඟා මිස අප නතර නොවන බව ඔවුන්ට මතක් කරනවා.
අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා - ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා
අනුර සහෝදරයා ජනාධිපති වූ පසුව මාතර ජනතාව හමුවන පළමු අවස්ථාව මේක. මාතරින් විශේෂත්වයක් කරලා, මේ රට පොහොසත් රටක් බවට පත්කර, ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා අපි අනුර සහෝදරයාට දෙන තෑග්ග මොකක්ද? මාතරින් වාර්තාවක් තියලා ඉහළම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාදීමේ හැකියාව අපට තිබෙනවා. දකුණු පළාතෙන් පළමු වතාවට සිංහල සිංදු කියන කිරිල්ලිය, සරෝජා පෝල්රාජ් සහෝදරිය දමිළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යවනවා. ඒ වගේම වැලිගම විතරක් නොවෙයි, මාතර දිස්ත්‍රික්කයේම ආදරය දිනාගත් ඉල්ලියාස් සහෝදරයා සියලුම තරුණ ජනතාවගේ ආදරය දිනාගනිමින් ඉදිරියට යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාගේම සහෝදරත්වය සහ ආදරය දිනා ගැනීමේ නියෝජිතයන් වේදිකාවේ ඉන්නවා. කුමරප්පෙරුම සහෝදරයා මුලදී අකමැති වුණත් අපි බලෙන් අරගෙන ගැටගහලා යන්න නොදී තියාගත්තා. ඒ වගේම අවුරුදු දහයක් පහළොවක් සහ ඊට වැඩි බොහෝ කාලයක් පුරා අපි පිටිපස්සේ ඉඳන් ගැම්ම දුන්නු බොහෝ පිරිසක් නියෝජනය කරමින් වරදාන වරප්‍රසාද කිසිවක් නොතකා කටයුතු කරමින් සිටිනවා. අපි හැමෝම දකින සිහිනය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් හැමදාමත් සටන් කළ විශාල පිරිසක් අප පිටුපසින් නොසැලී ඉන්නවා. 2020 මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් අපට එක් මන්ත්‍රී ධුරයක්වත් ගන්න නොහැකි වූ අවස්ථාවේ මාතර පොළේ වඩේ බදින බව දැක්වෙන මගේ පින්තූරයක් සහිත පොස්ට් එකක් ෆේස් බුක් එකේ දමා තිබුණා. ඔහුගේ එම පෝස්ට් එකෙන් තමයි අපි ධෛර්යය සහ ශක්තිය වඩාත් වැඩියෙන් ගත්තේ. ඒ පෝස්ට් දාපු සහෝදරයාට බොහොම ස්තුතියි.
මාතර දිස්ත්‍රික්කයට පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් තරක කරනවා. නමුත් ඒ කිසි කෙනෙකුගේ කාර්යාල නැහැ. ජන හමු නැහැ. රැස්වීම් නැහැ. හැමදෙයක්ම තිබෙන්නේ මාලිමාවෙන් විතරයි. හිටපු කැබිනට් ඇමතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට, ඒ අයගේ පුතාලාට කිසිම ජන හමුවක් පවත්වන්න හැකියාවක් නැහැ. කථානායකලා සහ ඒ අයගේ පුතාලත් ඉන්නවා. ඒ කිසිවෙකුටත් ජනතාව අතර ඉඩක් නැහැ. ඒ නිසාම සමහර අය ජාතික ලැයිස්තුට පැනලා ඉන්නවා. ඔවුන්ගේ දේශපාලනය අවසන් කරන කොට ජාතික ජන බලවේගය වැඩ ආරම්භ කර තිබෙනවා. නන්දා මාලිනියගේ පවන ප්‍රසංගයේ සමහර ගීත අහනකොට අපේ මේ ජීවිතයේදී යථාර්ථයක් කර ගත හැකිවේ යැයි කවදාවත් හිතුවේ නැහැ. අපි දේශපාලනය ආරම්භ කළේ අප විසින් පවරා ගත් කොටස අවසන් කරන්න. සුනිල් ආරියරත්නයන් ලියූ ඒ ගීතයේ තිබෙන්නේ “රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කඤ්ඤම් - පෙරහැර කරඤ්ඤම් - සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤම්” කියන ගීතයයි. එහි අවසානයේ තිබෙන්නේ “අප සම බිමක රඳවන සොහොයුරානෝ - රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ” කියලයි. එදා 87/90 කාලයේ දඟගෙයි දැමූ වදකාගාරවල අනේක විද දුක්විඳි සහෝදර සහෝදරියන් ඇතුළු මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රාර්ථනාව අප සම බිමක රඳවන පළමු පියවර තබා තිබෙනවා. ඒ සියලු ජයග්‍රහණ අත්කර දුන්නේ මේ ජනතාව. බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශ කළ, ලෝකය ඉදිරියේ අවමානයට පත්වූ රටට අද ආඩම්බරයක් ගෞරවයක් සහ බලාපොරොත්තුවක් දී තිබෙනවා. ජනතාව තමන්ගේ පරමාධිපත්‍යය බලය පෙන්වා දැන් ටෙලි නාට්‍යවලට අමතරව ප්‍රවෘත්තිත් බලන්න පටන්ගෙන තිබෙනවා. ජනතාව ජනාධිපතිවරණයට ගැහුව කතිරයෙන් පාර්ලිමේන්තුව සුද්ද වීම ආරම්භ වී හැට ගණනක් ස්වේච්ඡාවෙන් ඉවත්වී සිටිනවා.
පළමු වතාවට සියලු පුරවැසියන් ආදරයෙන් රැක බලා ගන්නා යුගයක් නිර්මාණය කරනවා - ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මාතර දිස්ත්‍රික් අපේක්ෂිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය
මාතර බෝධීන් වහන්සේ ඉදිරිපිට මේ පිටියේදී අපි නොයෙක් වර හමුවෙලා ඇති. නමුත් මෙම රැලියේදී අප හමුවන්නේ අපේ ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවූ විජයග්‍රාහී ජනතාවක් හැටියටයි. එය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොවෙයි, සමාජ පරිවර්තනය යුගයක පළමු පියවරයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම මේ රටේ පුරවැසියෝ. අපට ඕන වුණේ හොඳම රටක්. අපේ දරුවන්ට සුරක්ෂිත, විනයගරුක, නීතිගරුක, වගේම ආර්ථික වශයෙන් සුරක්ෂිත රටක්. රට ගොඩනැගිය හැකි වැඩපිළවෙළක් තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. විනයගරුක රටක් වගේම පිරිසිදු රටක අපි හැමදෙනාටම සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර ගත යුතුයි. “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන තේමාවෙන් මේ රට ගොඩනඟා අපේ දූ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ලබාදෙන්න අපි සියලුම දෙනා ඒකරාශී වී සිටිනවා. විශේෂයෙන්ම අම්මලාගේ අපේක්ෂාව තම දරු පැටවුන්ගේ පෝෂණය, අධ්‍යාපනය වගේම දුක් සුසුම් වේදනා නැති ජීවිතයක් ගොඩනඟා දීමයි. ඒ වෙනුවෙන් රටේ හැම අම්මා තාත්තා කෙනෙක්ම අසීමිත දුක් කන්දරාවක් උසුලනවා. පොහොසත් රටක් තුළ මේ අම්මා තාත්තලා තනි තනිව දුක්විඳිය යුතු නැහැ. පාලකයන් විසින් පුරවැසියන්ව සුරක්ෂිත කරන රටක් ගොඩනඟන්න ඕනෑ. මෙපමණ කල් තිබුණේ පුරවැසියන් විසින් ආණ්ඩුවක් සහ පාලකයන්ව සුරක්ෂිත කර, රකින රටක්. ඉතිහාසයේ පළමු වතාවට පාලකයන් විසින් ජනතාව සුරකින, ජනතාවට වග කියන සියලු පුරවැසියන්ව ආදරයෙන් රැක බලා ගන්නා යුගයක් නිර්මාණය කරනවා.
ඒ වෙනුවෙන් අපි හැමකෙනාගේම එකම බලාපොරොත්තුව විශේෂයෙන්ම ජනගහනයෙන් 52%ක් වූ කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කෙරෙන රටක් ගොඩනඟනවා. කාන්තාවන්ට පවතින සියලු ආකාරයේ අනාරක්ෂිත තත්වයන් වෙනුවට ආරක්ෂාව තහවුරු කෙරෙන, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කෙරෙන සුරක්ෂිත සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම අයිතීන් සුරැකෙන රටක් ගොඩනඟමු. සියලු දෙනාම ආදරයෙන් බැඳෙන රටක් ගොඩනඟමු.
රටේ ඉතිහාසය අලුතින් ලියන්න සුදුසුම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු - මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර සහෝදරයා ජනතාවට ලබාදුන්නේ මේ රට ලෝකයේ නිසි තැනට ඔසවා තබන ප්රතිඥාවයි. මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නිවැරදි සංවර්ධන මාවතකට ගෙන යන බව ඔහු ප්‍රකාශ කළා. දේශපාලන බලය යොදවා මූල්‍ය අපරාධ කළ සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙන එන බව ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් කොල්ලකා ගත් මහජන ධනය ආපසු ලබාගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කළා. විධායකයට අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග දියත් කිරීමට ප්‍රබල බලයක් සහිත පාර්ලිමේන්තුවක් මහා මැතිවරණයෙන් පත්කර ගන්න ඕනෑ. පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කරන නීති, ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනවා. එහෙම නම් රට ඉදිරියට ගෙනයන මාර්ගය සකස් කර ගන්න අවශ්‍ය නීති පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කර ගන්න ඕනෑ.
ඒ වෙනුවෙන් බලය ගන්න ජනාධිපතිවරණයේදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටේ ජනතාව ඉදිරියේ තැබුවා. ඒ වගේම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ අනුමැතියෙන් සකස් කර, සම්මත කර ගන්නා බවට පොරොන්දු වුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ ගෙම්බන් පනින ආකාරයෙන් පිල් පනින මන්ත්‍රීවරු නවත්වන්න අලුත් ප්‍රතිපාදන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරනවා. ඒ වගේම ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන මන්ත්‍රීවරයා ජනතාවට විරුද්ධව වැඩකරනවා නම්, ඔහු ඉවත් කිරීමේ බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා. ජාත්‍යන්තර සම්මුති සමග සමපාත වෙමින් අලුත් නීති සකස්කර, මේ රටින් පිටරටට ඇද්ද අපේ ධනය නැවත ලබාගැනීමටත් අවශ්‍ය නීති සම්පාදනය කරනවා. මේ සියල්ල වෙනුවෙන් හොඳ බලයක් තිබෙන පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු වෙනවා. ඒ නිසා මළගෙදරට ඇවිත් කැරම් ගහපු අය, දාම් ඇද්ද අය, නොවෙයි පාර්ලිමේන්තුවට පත්කර ගත යුත්තේ. මෙච්චරකල් සිදු කළ ඒ තත්වය වෙනස් කර, පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව වගකීම් දරන්න සුදුසු අය පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. ඒ වෙනුවෙන් සුදුසුම කණ්ඩායම ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න සුදුසම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු.