උණුසුම් පුවත්දේශපාලන

පාර්ලිමේන්තු මහ මැතිවරණය – 2024

රට හදන අපි එකට - අනුර මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගණයේ දී කියයි

"අද මහ මැතිවරණයකට සූදානම් වෙන අවස්ථාවක්. ලංකාවේ ඡන්ද පැවැත්වීමේ ඉතිහාසය ඉතාම ඛේදනීයයි. මැතිවරණවලදී උඩතලවින්නේ මිනිස් ඝාතන සිදුවුණා. නාවලපිටිය, ගම්පොළ ප්‍රදේශවල කාර්යාලවලට පහර දෙන, ජනතාව බියවද්දන සංස්කෘතියක් තිබුණා. පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකර වෙනත් පාර්ශ්වයක් ජයග්‍රහණය කළා නම්, මේ මැතිවරණය මොන වගේ වේවිද? සෑම දේශපාලන ව්‍යාපාරයකට සාධාරණ ලෙස මැතිවරණවල යෙදෙන්න තිබෙන අයිතිය අද අපි තහවුරු කොට තිබෙනවා. ඒ වගේම යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමින් තිබෙනවා"

ජනපති අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ මහනුවර පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියේ දී ය. ඊයේ (02) මේ රැළිය පැවැත්විණි. 

ඒ ගොල්ලන්ට බලය තිබෙන කොට, ගම්වලට ගොස් විදුලි බල මණ්ඩලයට දාගන්න, වෙනත් ආයතනවලට රස්සා දෙන්න ඇප්ලිකේෂන් පුරවන්න දෙනවා. හාල් බෙදනවා. බඩු බෙදනවා. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය බලය කැත විදිහට යොදා ගත්තා. මහජනයාගේ ධනය, රාජ්‍ය නිලධාරීන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගත්තා. ජාතික ජන බලවේගයේ අපි කිසිදු ලෙසකින්වත් ආණ්ඩු බලය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන නැහැ. ඡන්ද කරන්නේ පක්ෂයෙන්. රට පාලනය කරන්නේ ආණ්ඩුවෙන්. මේ යහපත් දේශපාලන වෙනස්කම්, යහපත් පරිවර්තනයන් යළිත් වෙනස් කරන්න මේ රටේ ජනතාව ඉඩ දිය යුතුද? මේ ඇති කරන ලද වැදගත් දේශපාලන සංස්කෘතිය අපි රැක ගන්න ඕනෑ. 1977 සිට ඇමති හැටියට, විපක්ෂ නායක හැටියට, අගමැති හැටියටජනාධිපති හැටියට මහජන දේපළ තමන්ගේ ජීවිත වෙනුවෙන් පාවිච්චි කළා. පැරදුණාමත් මහජනතාවගේ දේපළ තමන් වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ කැත සංස්කෘතිය ජාතික ජන බලවේගය නතර කරනවා. මේ වන විටත් අපි චිත්‍රසිරි මහත්මාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා, මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ, හිටපු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට. එහෙම යහපත් සංස්කෘතියක් රටට අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් නැහැ. ජනතාවට පාර්ලිමේන්තු කෙරෙහි තිබෙන්නේ කෝපයක්, විරසකයක්. මේ විරසකය තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඉන්න අයට එරෙහිව. නමුත් ඒ අය පාර්ලිමේන්තුවට බලෙන් ගියේ නැහැ, යැව්වේ ඔබලාමයි. මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න, නොවැම්බර් 14  ජාතික ජන බලවේගයේ අයගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ.

අපට විරුද්ධව පච කිවුව අය දැන් පච වෙලා ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක කේ.ඩී. ලාල්කාන්ත මහතා

අපි මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ කරන්න එනකොට සමහරු අපිට කිවුවේ දිස්ත්‍රික්කයේ ඡන්ද පදනම වෙනස් කරන්න බැහැ කියලා. දේශපාලනය වෙනස් කරන්න බැහැ කියලා. හරිම ගතානුගතිකයි කිවුවා. නමුත් ඔබ සියලු දෙනා පුනරුදයක් වෙනුවෙන් කැපවෙලා මාලිමාව ජයග්‍රහණය කරනවා කියලා රටට පෙන්නුවා. ඒ කැපකිරීමට අපි ගොඩක් ආදරය කරනවා. අපේ දේශපාලනයට විරුද්ධව හිටපු අයත් යථාර්ථය තේරුම් අරන් වෙනස් වෙනවා නම් අපි ඒ අයත් ආදරයෙන් පිළිගන්නවා.

අපි මන්ත්‍රීකම් 10ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ගන්නවා. ඒක ස්ථිරයි. දැන් ඔක්කෝම හරි. අපි දිනලා අපේ ජනාධිපති කෙනෙක් ඉන්නෙ කියලා කවුරුත් උද්ධච්ඡ වෙන්න එපා. අපි බුදු දහමෙන් ඉගෙන ගන්නවා නම් වැරදි කළ අය නිවැරදි වීමට පියවර ගන්නවා නම් අපි ඒ අය පිළිගත යුතුයි. අහක දැමිය යුතු නැහැ. මුළු සමාජයක් කුණු වුණාම සමහර දේශපාලකයොත් කුණු වෙනවා. එතනැදී අපි එක් එක් පුද්ගලයාට පෞද්ගලිකව වෛර කරලා වැඩක් නැහැ. සමාජය වෙනස් කිරීමට උත්සාහ ගත යුතුයි. චෝදනා තිබෙන අයට නීතියෙන් උත්තර දෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයෙන් නාම යෝජනා ගන්න විවිධ තරාතිරමේ උදවිය 543ක් ඉදිරිපත් වුණා. නමුත් අපිට නාම යෝජනා දෙන්න පුළුවන් 15 දෙනෙකුට පමණයි. අපිට නාම යෝජනා දෙන්න 15 දෙනෙක් හොයා ගන්න බැරි වුණු කාලයක් තිබුණා. නමුත් අද 543 දෙනෙක් ඉදිරිපත් වීමෙන් පේන්නේ මොකක්ද? අපේ දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරනවා කියන එක නේද?

දකුණු අප්‍රිකාවේ තමයි ලෝකයේ පිළිකුල් සහගතම වර්ණභේදවාදය ක්‍රියාත්මක වුණේ. සුදු ජාතිකයෝ කළු ජාතිකයින්ව විනාශ කළා. සුදු පාලකයන් යටතේ නෙල්සන් මැන්ඩෙලාලා ඒකෙන් බැට කෑවා. කළු ජාතීන් දුක් වින්දා. එක හෝටලයක තේ බොන්නේ නැහැ. එක මේසයක වාඩිවෙන්නේ නැහැ. එක බස් එකේ යන්නේ නැහැ. නමුත් නෙල්සන් මැන්ඩෙලාලා අන්තිමට ජයග්‍රහණය කළා. හැබැයි සුද්දාගෙන් පළිගන්න ගියේ නැහැ. තමන්ගේ ජනතාව විනාශ කරපු සුදු ජාතිකයන් සමග මැන්ඩෙලා සම්මුතියකට ගියා. ඉන් පස්සේ තමයි ඒ රට සාමකාමී වුණේ. ඒක ලෝක දේශපාලනයේ විශේෂයක්. අවංක පාපොච්චාරණයක් කරලා අපි එතන ඉඳන් එකට යමු කියලා මැන්ඩෙලා සුද්දන්ට කිවුවා. ඉන් පස්සේ රට ස්ථාවර වුණා. එතන සිද්ධ වුණේ එහෙමයි.

දේශපාලනයේදී හරි පුද්ගලික ජීවිතයේදී හරි වැරැද්දක් නොකළ කෙනෙක් මෙතන ඉන්නවා නම් අත උස්සලා පෙන්වන්න. එහෙම අය නැහැ. හැබැයි වැරදි තියෙනවා නම් ඒවා නීතියෙන් බලා ගනියි. අපි ඇඟිලි ගහන්න යන්නේ නැහැ. අපිට විරුද්ධව මඩ ගැහුවා. අවලාද කිවුවා. චෝදනා කළා. අපට විරුද්ධව පච කිවුව අය දැන් පච වෙලා. ඒ නිසාම දැන් සජිත් ප්‍රේමදාසලා තරගයක නැහැ. ආණ්ඩු බලය ඉල්ලන්නේ නැහැ. අනේ අපිව විපක්ෂයට යවන්න බැරිද කියලා අඬනවා. ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් සඳහා තරගයක් නැති මැතිවරණය බවට මෙවර මහ මැතිවරණය පත්ව තිබෙනවා. අපි දැන් තරග කරන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවත් සඳහායි. සියයට තුනේ හිටපු කෙනෙක්ව ජනාධිපති කරන්න අපිට පුළුවන් කියන කොට, සමහරු කිවුවා අපිට අධිතක්සේරු පිස්සුවක් තිබෙනවා කියලා. නමුත් ඒක පිස්සුවක් නොවෙයි, යථාර්ථයක් වුණා. මේ මහ මැතිවරණයේදීත් අපි මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 10ක්ම දිනා ගැනීම තමයි අපේ අපේක්ෂාව. අධිතක්සේරුව පිස්සුවක්. හැබැයි ඒකත් යථාර්ථයක් වෙන බව අපි සහතික කරලා කියනවා. මහනුවර ජනතාව ඒක ඔප්පු කරන බව විශ්වාසයි.

අපට ඡන්දෙ නුදුන්න අය මාලිමාවට කතිරෙ ගහන්න බැරිවීම ගැන අද කම්පා වෙනවා ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එරික් වීරවර්ධන මහතා  

2023 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවරින් ඡන්ද 23,000ක් හිමිකරගත් මාලිමාව, පසුගිය සැප්තැම්බර් 21 වන විට ලක්ෂ හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාදී ජනාධිපතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීමට සමත් වුණා. මේ ජයග්‍රහණය අත්පත් කර ගන්න අපට හයිය ලබාදුන්නේ අපේ නායකත්වය. අපි මේ මැතිවරණය පටන් ගත්තේ 2022 දෙසැම්බර් මාසයේ. එදා සිට අපි එතැන් සිට කොට්ඨාස සභා, ගුරු සමුළු, හෙද සමුළු, වෛද්‍ය සමුළු පවත්වමින් අපේ සංවිධාන ශක්තිය තර කළා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඉදිරි මහ මැතිවරණයේදී අපේ ඡන්ද ලක්ෂ හතර, ලක්ෂ හයක් කර ගනිමු. මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට දහ දෙනෙක් යවමු. ඒ ගැම්මෙන් ඊළඟ සති දෙක වැඩ කරන්න ඕනෑ. 

අපට ඡන්දෙ නුදුන්න අය මාලිමාවට කතිරෙ ගහන්න බැරිවීම ගැන අද කම්පා වෙනවා. ඒ සියලු දෙනාම අද අපට ඡන්දෙ දෙන්න සූදානම් වෙලා මාලිමාව වටා එකතු වෙලා ඉන්නවා. දමිළ සහෝදරවරුන්ගේ ඡන්ද අපට විශාල ලෙස ලැබුණේ නැහැ. හැබැයි අද දමිළ ජනතාව ගම් පිටින් එකතු වෙමින් ඉන්නවා. ඉතිහාසයේ පළමුවැනි වතාවට තොණ්ඩමන්ලා, දිගම්බරම්ලා, හකීම්ලා,රිෂාඩ් බදූර්දීන්ලා ඊළඟ කැබිනට් එකේ නැහැ. කෙහෙලියලා, ලක්ෂ්මන්ලා නැහැ. ඉන්නේ අපේ ලාල්කාන්ත සහෝදරයා ඇතුළු මාලිමාවේ අය. මාලිමාවේ නියෝජිතයන්ගෙන් දහයක් පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කිරීම වෙනුවෙන් කැපවෙමු.

දැන් තැන් තැන්වලින් හමුවෙනවා ලියාපදිංචි නොකරන ලද වාහන. රේගුවෙන් නිසි පරිදි ලංකාවට නොගෙනෙන ලද වාහන. සමහර වාහන ආර්.එම්.වී. එකේ රෙජිස්ටර් කරලත් නැහැ. සාමාන්‍ය පුරවැසියා අංක තහඩුවක් නැති වාහන පාරට දාන්න බයයි. රේගුවෙන් පන්නපු, කෑලි ගෙනත් බට් කරපු වාහන පාරෙ දුවනවා. ඒ ගොල්ලන් බය නැහැ. නීතියට උඩින් ඉඳල ඒගොල්ලන්ට පුරුදුයි. අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් අය නොවෙයි. දීර්ඝ කාලයක් රට වෙනුවෙන් දේශපාලනය කළ, අවංක අය. නොවැම්බර් 14දා පාර්ලිමේන්තුව සුද්ද කරනවා නම් මාලිමාව නියෝජනය කරන අය පාර්ලිමේන්තුවට යවන්න ඕනැ. අපි විධිමත් කැබිනට් මණ්ඩලයක් හදනවා.

විශේෂයෙන්ම අපි ග්‍රාමීය දුප්පත්භාවය