උණුසුම් පුවත්දේශපාලන

පාර්ලිමේන්තු මහ මැතිවරණය – 2024 නොවැම්බර් 14

වී අළෙවි මණ්ඩලයත්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් සතුව තිබෙන සියළු ගබඩා ප්‍රතිසංස්කරණය කිරීමට අප උපදෙස් ලබාදුන්නා - ජනපති අනුර

ගමේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂි කර්මාන්තයයි. අපි ඒ සඳහා මූලික සැලැස්මක් සකස් කර තිබෙනවා. මේ වන විටත් අපි පොහොර සහනාධාරය පහළොස් දහසේ සිට විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා. අපේ වී ගොවියාත් පාරිභෝගිකයාත් විශාල හිරවීමක ඉන්නවා. වී ටික සාධාරණ මිලකට විකුණන්න බැහැ. පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ගන්නත් බැහැ. අපි මේ තත්වය වෙනස් කරනවා. පහුගිය කන්නවල ආණ්ඩුව එක වී ඇටයක් අරගෙන නැහැ. අද ගොවීන් ළඟ වී නැහැ. වී තිබෙන්නේ ව්‍යාපාරිකයන් අතේයි. ඒ නිසා ඔවුන් මිල පාලනය කරන තත්වයකට පැමිණ තිබෙනවා. අපි මේ තත්වය වෙනස් කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසුවේ අම්පාරේ දී පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියේ දී ය. 

වී අළෙවි මණ්ඩලයත්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් සතුව තිබෙන සියළු ගබඩා ප්‍රතිසංස්කරණය කිරීමට අප උපදෙස් ලබාදුන්නා. එළඹෙන මහා කන්නයේ සහතික මිලකට වැඩිම වී ප්‍රමාණය මිලදී ගැනීමට මේ ආණ්ඩුව සැළසුම් සකස් කර තිබෙනවා. මින්පසු සහල් සඳහා වෙළෙඳපොලේ විකෘතියක් හදන්න බැහැ. අපි කුඩා මෝල් හිමියන් සංවිධානය කරනවා. ලක් සතොස සමූපකාර ජාලය හරහා සහල් විකුණනවා. ආණ්ඩුවේ ගබඩාවේ වී තිබෙනවා. අඹරන්න පොඩි මෝල් හිමියෝ ඉන්නවා. විකුණන්න සමූපකාර ජාලය තිබෙනවා. එවිට ගොවියාටත් සාධාරණ මිලක් ලැබෙනවා. පාරිභෝගිකයාටත් සාධාරණ මිලකට සහල් මිලදී ගත හැකියි. එවිට ගොවි ජනතාවගේ අතට වැඩියෙන් මුදල් ගලා එනවා.

ඊළඟට ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගැනීමට නම් ප්‍රධාන දේ අධ්‍යාපනයයි. ගමේ දරුවා ඉගෙන ගත හොත් දුප්පත්භාවයෙන් එළියට පැමිණිය හැකියි. ඒ නිසා මේ රටේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා කටයුතු කරනවා. එක දරුවෙක් අධ්‍යාපනයෙන් එළියට වැටෙන්න දෙන්නේ නැහැ.

ඒ විතරක් නෙවෙයි මේ පළාත්වල කිරි නිෂ්පාදනය ප්‍රධාන කර්මාන්තයක් බවට පත්කළ හැකියි. ඒ සඳහා තෘණබිම් ලබාදීම, කිරි මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම ආදි වැඩපිළිවෙලක් මගින් කිරි කර්මාන්තය හරහා ගැමියා දියුණු කරනවා. ඒ වගේම ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරයට ඉතාමත් යෝග්‍ය තෝතැන්නක්. සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශාල සැලැස්මක් අපි සකස් කර තිබෙනවා. අපි 2025 වසර ලංකාවට සංචාරකයින් වැඩියෙන්ම පැමිණෙන වසර බවට පත් කරනවා.

ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අපි ඇති කරනවා. ඒ වගේම අපගේ ස්වභාවික සම්පත් වන නව කර්මාන්ත පද්ධතියකට අපි පියවර තබනවා. මේ සියල්ල ඉතා හොඳින් සැලසුම් කර අපි දියත් කළොත් මේ රට ලෝකයේ දියුණුම රටක් බවට පත් කළ හැකියි.

පහුගිය කාලේ පාලකයෝ අපේ රට දුප්පත්භාවයේ රටක්, ණය ගෙවා ගන්න බැරි රටක්, ලෝකයේ අපකීර්තියට ලක්වුණු රටක් බවට පත් කළා. ජාතික ජන බලවේගය අපි මේ රට පොහොසත් රටක්, ලෝකය පිළිගන්නා දියුණු රටක් බවට පත් කරනවා. මේ සිහිනය අපි කාලයක් තිස්සේ දැක්කා. අපේ ජීවිත කාලයේ වැඩි කාලයක් මේ වෙනුවෙන් පොර බැදුවා. දැන් එය සාර්ථක කර ගැනීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා.

ඒ නිසා අපි ඔබට එක සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තබා ඡන්දය දුන්නා. අපි ඔබේ විශ්වාසය ආරක්ෂා කරමින් මේ රට ගොඩ නගනවා. මේ රට ගොඩ නැගීම සඳහා දේශපාලන නායකත්වය සමීපව ලබා දිය යුතුයි. ජනාධිපති දේශපාලන බලයේ එක තැනක්. පාර්ලිමේන්තුව දේශපාලන බලයේ තව තැනක්. පළාත් සභාව දේශපාලන බලයේ තව තැනක්. ප්‍රාදේශීය සභාව, නගර සභාව දේශපාලන බලයේ තව තැනක්. ඒ නිසා මේ දේශපාලන බලය පෙළ ගැසී තිබෙන්නේ ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභාව, නගර සභා හා ප්‍රාදේශීය සභා ලෙසයි. සමීපව මේ රට මෙහෙයවීම සඳහා මේ දේශපාලන බලය අවශ්‍යයයි. දැනට අපට දේශපාලන බලය තිබෙන්නේ ජනාධිපතිධුරයේ පමණයි. මේ රට ගොඩ නැගීමට එය පමණක් ප්‍රමාණවත් නැහැ.

අපට අවශ්‍ය මේ ප්‍රදේශයේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ගෙන යාමට, ආණ්ඩුවට අවධානය යොමු කිරීමට, ජාතික සංවර්ධන සැලසුම් මේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට මේ දිස්ත්‍රික්කයෙනුත් මහජන නියෝජිතයෝ අවශ්‍යයයි. ඒ නිසා අපි ඉතා ඉක්මණින්ම නොවැම්බර් මාසයේ 14වෙනිදා ඊළඟ දේශපාලන බලය තිබෙන පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගත යුතුයි. එවිට ජනාධිපතිධුරය තිබෙනවා. පාර්ලිමේන්තුව තිබෙනවා. ඉතා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හදන්න අවශ්‍යයි. පළාත් සභාත් ලබන වසරේ පැවැත්වීමට අප සැලසුම් කර තිබෙනවා. පළාත් පාලන ඡන්දත් අපි පවත්වනවා. එවිට දේශපාලන ව්‍යූහය හරියටම තිබෙනවා. දැන් සැලසුම් සකස් කරනවා. බිම්මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීමට එහා යාන්ත්‍රණය තිබෙනවා.

දැන් ඉන්නේ ඇමතිවරු තුනයි. ජනාධිපති, අගමැති, ඇමති, තුනයි. අපි ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හදන්න ඕන. විසිපහට අඩුයි. මෙතෙක් කල් අපේ රටේ කැබිනට් මණ්ඩල හැදුණේ ඥාතීන්ට, මිතුරන්ට ඇමතිධුර ලබාදෙන්න