උණුසුම් පුවත්

පාරිභෝගික නීති කැඩූ ගාල්ලේ වෙළෙඳුන් 815කට නඩු

ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඉකුත් වර්ෂයේ (2023) පාරිභෝගික නීතිරීති උල්ලංඝනය කළ වෙළඳුන් 815 දෙනෙකුට එරෙහිව නඩු පවරා රුපියල් එක්කෝටි අසූඅටදහසක දඩ මුදලක් අයකර ගැනීමට හැකිවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

ඉකුත් වර්ෂය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් වැටලීම් 866ක් සිදුකොට තිබුණි. ඉන් පාරිභෝගික නීතිරීති උල්ලංඝනය කරමින් වෙළඳාමේ නිරතවූ වෙළඳුන් 815 දෙනෙකුට එරෙහිව නඩු පවරා මෙම දඩ මුදල අයකර ගත් බැව් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීහු පවසති. මෙම වෙළඳුන්ට එරෙහිව ගාල්ල, ඇල්පිටිය, උඩුගම, බළපිටිය යන මහේස්ත්‍රාත් අධිකරණවලදී නඩු පවරා තිබුණි. විමර්ශන නිලධාරීන් වන ජී. ගොඩගම ටී.කේ.එල්. චන්දන, එස්.එස්. රන්කොන්දිවෙල, එස්. ඥානවික්‍රම, කේ.සී. ජාගොඩ, සී. උභයවික්‍රම යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකොට තිබුණි.