දුස්කරතා රැසක් මැද ඉදිරියට ඇදෙමින් තුන් ඉරියව්වෙන් ම දස්කම් දක්වන පතිරජ සුපිරි වැඩ්ඩන් මෙන් ම වැඩ්ඩියන් ද බෝ ය
සුද්දන්ගේ ක්‍රිකට් කෙළියේ සිරිලක ආධිපත්‍යය ලියාගෙන හිඳින කොළඹ රටේ සුපිරි පරම්පරාවේ බලකණු මට්ටු කරන්නට අවම පහසුකම්වලින් යුත් රජ්ගම දෙව්පතිරද ක්‍රිකට් කණ්ඩායම ජය කෙහෙළි නංවා ඇති බව සටහන් කිරීම වටී. ඒ ඇත්තන්ගෙන් පතිරද කොල්ලෝ ක්‍රිකට් කිරුළ උදුරා ගත්හ. ඒ ඊයේ (18) වනදා වයස අවුරුදු 17 න් පහල 1 වන කාණ්ඩයේ සුපිරි ක්‍රිකට් ශූරයන් රැසක් රටට බිහිකළ අග නගරයේ වැඩ්ඩන් ට පිත්තෙන් සලකමිනි.
දේවපතිරාජ කණ්ඩායම ඊයේ අවසන් සටනට පිවිසියේ කොළඹ නාදලන්දා ක්‍රිකට් පිළ පරාජය කරමින්, කොළඹ මහානාම විද්‍යාලයීය ශූරයන් සමඟ යි. ඒ හටනෙන් පතිරාජ ක්‍රිකට් සූරයෝ මහානාම පිළ තියුණු සටනකින් පරාජය කරමින් සිය කැපවීමේ තරම කදිමට පෙන්නූහ.
මහානාමයෝ ද තරගාවලියේ ජය ඩැහැගැනීමේ අපේකෂාවෙන් තර්ස්ටන් විද්‍යාලයීය තණ තිල්ලට පිවිසියේ කොළඹ රාජකීයයන් පරාද කිරීමෙන් අවසන් සටනට සුදුසුකම් ලබා ගෙනයි.
පතිරාජයේ යොවුනුන් ජය සටහන් කර ගන්නා ලද්දේ ලකුණු 12 කිනි.
දේවපතිරාජ ක්‍රිකට් පිලෙහි නායකත්වය දරනා අරෝෂ සිතුමිණ සිය වගකීම් මැනවින් ප්‍රදර්ශනය කරමින් ප්‍රතිවාදී මහානාම පන්දු යවන්නන්ට කටඋත්තර නැති කරන ලද්දේ ලකුණු 76 ක් සිය කණ්ඩායමේ ලකුණු පුවරුවේ සටහන් කරමිනි. ඒ පන්දු 81 කට මුහුණ දෙමින් ය.
17 න් පහල ක්‍රිකට් ශූරතාවය දිනූ දේවපතිරාජ කණ්ඩායම මහානාමයට එරෙහිව ලකුණු පුවරුවේ සටහන් කරන ලද ලකුණු සංඛ්‍යාව 191 කි. සිතුමිණ ගේ ලකුණු 76 ට හයේ පහර හතරක් හා හතරේ පහර 7 කින් යුක්ත විය.
මහානාම විද්‍යාලයේ තේනුජ රශ්මින් ලකුණු 36 කට කඩුලු 5 ක් බිඳ හෙළී ය.
ඔවුන් 2025 වසරේ 17 න් පහළ අන්තර් පාසල් 1 වන කාණ්ඩයේ ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේ කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව පැවති තියුණු අවසන් මහා තරගයේදී ලකුණු 12 ක ජයක් වාර්තා කරමිනි.
දේවපතිරාජ විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 191 ක් ලබා ගත්තේය.
මහානාම විද්‍යාලයේ තේනුජ රශ්මින් ලකුණු 36 කට කඩුලු 5 ක් දවා ගත්තේය. මහානාම විද්‍යාලය හඹා යාමේදී නිර්භීතව සටන් කළ නමුත් ලකුණු 179 කට දැවී ගියේය.
සනුල් වීරරත්න පන්දු 79 කදී ලකුණු 52 යි.
දේවපතිරාජ කණ්ඩායමේ පන්දු යවන්නන් සේ ඔෂේන් කල්හාර (4/20) සහ සඳරු මල්ෂාන් (3/31) මහානාමයේ දක්ෂ පිතිකරුවන් ක්‍රීඩාගාරයට යවා සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නට උර දුන්හ.
ලාංකේය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙය ඓතිහාසික ජයග්‍රහණයක් සේ සටහන් කිරීම කළ යුත්තේ ම ය. මන්ද යත් ඉතා අඩු පහසුකම් ලබමින් මේ ක්‍රීඩකයින් දක්වන ලද විශිෂ්ට ක්‍රීඩා කොෂල්‍යය නිසයි. 1994 දී පාසලට ක්‍රිකට් හඳුන්වා දීමෙන් පසු දේවපතිරාජ කණ්ඩායම 17 න් පහල පළමු කොටසේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මව්බිමේ කීර්තිය ලොවට පානා කාන්තා ක්‍රිකට් සූරියන් හය දෙනෙක් දේවපතිරාජ විද්‍යාලයෙන් දායාද කොට ඇති වග ද සතුටින් නොදක්වා කෙසේ ද?
කණ්ඩායමට, පුහුණුකරුවන්ට සහ ඔවුන්ට නන් අයුරින් සහයෝගය දුන් සියලු දෙනාට හෙළදිව සුභ පැතුම්!