උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංග

පාස්කු ප්‍රහාරකයන් සහ ලංකාවේ බුද්ධි අංශ අතර ගණුදෙනු ගැන FBI කියන්නේ කුමක්ද?

ISIS සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාර ගත්තා. නායක අල් බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රහාරය එල්ල කිරීමට හේතු පැහැදිලි කළා.

ඇමරිකානු FBI ආයතනය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී සහරාන් ඇතුළු කල්ලිය විසින් භාවිතා කළ දුරකථන සහ පරිගණක වල මකා දමන ලද තොරතුරු පමණක් නොව අගුලු දැමූ ෆේස්බුක් ගිණුම්, ඊමේල් ගිණුම් පවා යළි ප්‍රකෘතිමත් කර පරීක්ෂා කර බැලුවද ඔවුන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමග කිසිදු පණිවුඩ හුවමාරුවක් සිදු කරගත් බවට කිසිදු සාක්‍ෂියක් හෙළිවී නොමැති බව පාස්කු වාර්තාව පිළිබඳ එෆ්බීඅයි වාර්තාව පදනම් කරගෙන පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ එල්ල වී පැය 48 ක් ඇතුළත 2019.04.23 දින ISIS සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාර ගත් බවත් 2019.04.29 දින එවකට ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කර අල් බග්දාදි විසින් වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රහාරය එල්ල කිරීමට හේතු පැහැදිලි කළ බවත් FBI වාර්තාව උපුටා දක්වමින් පිවිතුරු හෙළ උරුමය නායකයා පෙන්වා දෙයි.

නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ හෙළිදරව් කිරීම සිදු කළේ ඊයේ දින (2025.04.29)  ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහන හා එක් වෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු රැසක් මෙන්ම වත්මන් දේශපාලන කරළියේ තිරයෙන් පිටුපස සිදුවන කරුණු සම්බන්ධයෙන් ද මෙම වැඩසටනේ දී සාකච්ඡාවට භාජනය විය

සම්පූර්ණ  වැඩසටහන මෙතැනින් නරඹන්න