ආරක්ෂකඋණුසුම් පුවත්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ කොමිෂන් වාර්තා තුන අධිකරණය කැඳවන්න

නීතිඥ සජිත ගමගේ මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අයැදියි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා වන, රවී සෙනෙවිරත්න මහතා යටතේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයට අදාළ විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි යයි අගතියට පත් පාර්ශව වෙනුවෙන් අධිකරණයට මෝසමක් ගොනු කර ඇත.

ලේකම්වරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විමර්ශණ වාර්තාවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති නිසා මෙම මෝසම ගොනු කර ඇත.

නීතිඥ සජිත ගමගේ මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ මේ බව දැනුම් දෙයි.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ කොමිෂන් වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන්නැ යි ද සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ද හේ අධිකරණයෙන් ඉල්ලා සිටියි.

සිදුවීමට අදාළව නිකුත් කර ඇති බී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුට එම ලේඛණ ලැබුණු ආකාරය ගැටලු සහගත යැ යි ද ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන්, සෑහීමකට පත් විය නොහැකි යැ යි කියමින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශනවලට අධිකරණයේ මැදිහත් වීමක් සිදු කරන ලෙස නීතිඥ සජිත ගමගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටිටි.

නීතිඥවරයා ගේ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින්නැ යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කරමින් දැනුම් දෙන්නට නියෝග කළා ය.

මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළ නීතිඥවරයා එම ප්‍රහාරයට අදාළ වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

'‘මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ අය මහජන ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහුට මේ සම්බන්ධයෙන් නියෝග දිමේ බලයක් නැති බවත් කියමින් විමර්ශන සම්බන්ධයෙන්, සෑහීමකට පත් විය නොහැකියි’' යයි නීතිඥ සජිත ගමගේ මහතා අධිකරණයෙන් ඉල්ලා  සිටියේ ය.

'‘මේ නඩුවට අදාළව ප්‍රසිද්ධ මාධ්‍යය මගින් මාධ්‍යවේදියෙක් අදහස් දැක්වූවා. විමර්ශන නිලධාරියා මාරු කරන බව ඔහු මාධ්‍යට කියා, දිනකින් එම නිලධාරියා පොලිස් මූලස්ථානයට මාරු කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කමිටුවල විනිසුරුවරුන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කෙරෙනවා. මෙලෙස ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ. දක්ෂ විනිසුරුවන් මේ වාර්තා සකස් කළේ.  මේ වාර්තා ගිය ආකාරය සම්බන්ධයෙන් විමර්ශන කරන්න. ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් අධිකරණයට තිබෙනවා’' යයි කී ඒ මහතා අගතියටපත් මිය ගිය වින්දිතයන් වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බව සඳහන් කළේ ය.

ඉකුත් සඳුදා උදේ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මීට අදාළ විමර්ශණ වාර්තා දෙකින් එකක් මහජනයා හට ප්‍රදර්ශනය කරමින් පැයක කාලයක් පුරා එහි ඇති කරුණු ගැන අනාවරණය කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඊට පසුදා රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා දැඩව ප්‍රකාශ කළේ එකී විමර්ශන වාර්තා තම ආණ්ඩුව නොපිළිගන්නා බවත් මහජන ආරක්ෂක ලේකම්වරයා සේ පත් කරන ලද රවි සෙනෙව්රත්න හා මහතා හෝ ශානි අබේසේකර මහතා හෝ දරන නිලවලින් ඉවත් නොකරන බවයි.

මේ ප්‍රකාශ දෙක සමාජයේ බොහෝ කතා බහට ලක්වී ඇති අවස්ථාවක නීතිඥ  ගමගේ මහතා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙසේ අධිකරණය හමුවට මෝසමක් අද ඉදිරිපත් කරනු ලැබිණි