ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන පාහරයකු කාන්තා කාර්යාංශයෙන් කොටු කර උසාවියට දක්කයි 2026-01-190 ''අනේ සර් වඳින්නම් මේ දේ කරන්න එපා'' යි බැගෑපත් වෙමින් වැඳ වැටෙද්දී ඒ නරූමයා ඈ මරණ බවට ද තර්ජනය කරයි උපස්ථායකයින් සපයන ආයතනයක කාන්තාවක නිවසට ගෙන්වා ගෙන මරණීය තර්ජන එල්ල කර කර බලහත්කාරයෙන් ඉතා කෲර හිංසා පීඩා කරමින්, ලිංගික අතවර කර, ඒ දසුන් වීඩියෝ ගත කර, අන්තර්ජාලයට මුදා හරින පාදඩ ව්‍යාපාරිකයකු, පොලිස් කාන්ත හා ළමා කටයුතු පිළිබඳ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩීයෝ දසුන් පිළිබඳව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කරන විට හේ පොලිසියට කට්ටි පනිමින් සැඟව සිටිය දී ඊයේ (18) හික්කඩුවේ දී පොලිස් ග්‍රහණයට හසුකර ගන්නා ලද්දේ හික්කඩුවේ හෝටලයක සැඟව සිටිය දී ය. තමන්ට අතවර කරන්න එපා යැයි වැඳ වැටෙමින් බැගෑපත්වෙමින් කන්නලව් කරද්දී ඇයට ලිංගික අතවර කර වීඩීයෝ කරන ලද ඒ පුද්ගලයා බොරැල්ලේ පදිංචි 43 වියේ පසුවන ශෂ්නි කමාර්ඩින් (SHAZNI KAMARDEEN) නමැත්තා ය. මේ සඳහා ඔහුට තවත් කාන්තාවන් දෙදෙනකුගේ සහාය දැක්වෙන අයුරු ද වීඩීයෝ වෙහි දක්නට ඇත. අත්අඩංගුවට ගත් කුප්‍රසිද්ධ ව්‍යාපාරිකයා හා ඔහුට අනුබල දුන් තවත් දෙදෙනකු ද පොලිසිය විසින් කොළඹ අතිරේක මහසේත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ලහමුවට පමුණූුවන ලදුව ලබන 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය. උපස්ථාන සේවක සේවිකාවන් සපයන ආයතනයකින් මේ ව්‍යාපාරිකා විසින් එම කාන්තාව නිවසට ගෙනැවිත් ඇත්තේ ළමයින් බලාකියා ගන්නට බව සඳහන් ය. මොහු විසින් මේ සේවිකාව නිරුවත් කර වීඩියෝ ගත කරන්නට සැරසෙන විට ඇය දෑත් එක්කොට වඳිමින් බැගෑපත්වන අයුරුත් ඒ කෙරෙහි කිසිදු තැකීමක් නොකර මොහු ඉතා අසැබි ලෙස ඇයට බැණ වදින අයුරුත් ද ඔහු විසින් වීඩියෝ රූප පෙළකට නඟා ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නීතිඥ වසන්ත පිටියකුඹුර මහතා අධිකරණය කරුණු දක්වමින් මෙම අපරාධයේ බරපතළ අධිකරණයට සඳහන් කළේ සැකකාර තැනැත්තා තම දරුවන් බලා ගැනීම සඳහා නිවසේ නතර වී සිටි අහිංසක සේවිකාවට මරණීය තර්ජනය කරමින් මෙම අමානුෂික ලිංගික හිංසනය සිදු කර ඇති බව යි. "අනේ සර් වඳින්නම් මේ දේ කරන්න එපා" යැයි ඉතා අසරණ ලෙස ආයාචනා කරමින් බැගෑපත් වෙද්දී කිසිදු අනුකම්පාවකින් තොරව ඉතා කෲර අයුරින් ඔහු සිය නින්දිත ක්‍රියාවේ නිරතව ඇති බව ද සඳහන් කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විපක්ෂය බලා හිඳින පළාත් සභා ඡන්දෙ? Next Article අධ්‍යාපනය සේම සෞඛ්‍ය ක්ෂේත්රය ද මූලික අයිතිවාසිකමක් බවට පත් කළ යුතුමයි