උණුසුම් පුවත්කාලීනදේශපාලන

පා.ම. රෝහිණී විජේරත්න ඉලක්ක කර කරන නින්දිත චරිත ඝාතන වහාම නවත්වන්න

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා යැයි කියනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුයි - සජිත් පාර්ලිමේන්තුවේ දී

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය ගුරුවරියක්, මන්ත්‍රිවරියක් සහ කෘතහස්ත සමාජ සේවිකාවක් ලෙස පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් විශාල සේවාවක් ඉටු කරන බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයත් සමස්ත කාන්තාවන්ගේ සිවිල්, දේශපාලන, මානව, සමාජිය, සංස්කෘතිය හා ආර්ථික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට ඉමහත් කාර්යක් ඉටු කරන නමුත් මේ පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් එතුමිය ඉලක්ක කර ගෙන එතුමියගේ චරිතය ඝාතනය කරන්නට නිර්දය පහත් විවේචන ඉදිරිපත් කර එතුමියගේ මාර්ගය අවහිර කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බහුතරයක් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා යැයි කියනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම යුතුකමක් බවත් රෝහිණී විජේරත්න මහත්මිය ඉලක්ක කර ගෙන එතුමිය දඩයම් කරන්න දරන උත්සාහය ගැන තමා බලවත් අප්‍රසාදය පළ කරන බවත් රෝහිණී විජේරත්න මහත්මියගේ ආරක්ෂාව ගැන කතානායකවරයාට වගකීමක් ඇති බවත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

රෝහිණි විජේරත්න මහත්මියගේ පියා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයේ නිර්මාතෘවරයා බවත් එතුමාද ඉටු කළ දැවැන්ත සේවාව සැවොම දන්නා බැවින් මේ චරිත ඝාතන කිරිම ඉලක්ක ගත නින්දිත පහත් ක්‍රියාවලිය නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.