තිදෙනා ම ඥාතීන් යැ යි කියති
බූස්ස පිටිවැල්ල පින්තාලිය හන්දියට නුදුරු දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ වැදීමෙන් තරුණයින් තිදෙනකු මරුමුවට පත් වී ඇතැ යි රජ්ගම පොලිසිය කියයි.
මියයන ලද තරුණයින් තිදෙනා රජ්ගම, රෙජ්ජිපුර ගම්මානයේ පදිංචිකරුවන් වේ. ඔවුන් වයස හවුරුදු 17, 18 හා 19 ක තරුණයින් බව රජ්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. එල්. ඩී. සුමිත් ප්‍රියන්ත මහතා හෙළදිවට පැවසී ය
තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන්න් කළේ මොවුන් තිදෙනා රෙජ්ජිපුර සිට යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට පැමිණෙමින් සිටිය දී රේල්පාර හරස් මග පියමං කරන්නට උත්සාහ කිරීමේ දී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇත්තේ අද (23) හවස හයට පමණ බව යි.
රජ්ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
