ඉතිහාසයසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

පියදාස වැලිකන්නගේ නමින් මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය නම් කෙරේ

හෙට උදේ 09. 30 ය සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක අතින් විවෘත කෙරේ

ශ්‍රී ලාංකීය  ලේඛන කලාවට  සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ  රාජ්‍ය සම්මානිත,  ප්‍රවීණ ලේඛක  පියදාස වැලිකන්නගේ  කලාකරුවා නමින්,  මාතලේ සංස්කෘතික  මධ්‍යස්ථානය නම් කිරීම  2024.05.11, දින පෙ.ව  9.30 ට  සිදුකිරීමට නියමිතය

  බුද්ධ ශාසන   ආගමික හා සංස්කෘතික කටයූතු පිළිබද අමාත්‍ය,  විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙන  මෙම උත්සව අවස්ථාවට,  මාතලේ  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පා.මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ, ක්‍රීඩා  හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය  රෝහණ දිසානායක  යන  මැති  ඇමැතිවරුන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, නාගරික කොමසාරිස්  නිශාන්ත  මාදුවගේ ,මාතලේ  ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා දිසානායක යන මහත්ම මහත්මීන්  ඇතුලු  රාජ්‍ය  නිලධාරින්  මෙන්ම කලාකරුන් රැසක් ද සහභාගි ‌වීමට නියමිත ය.