උණුසුම් පුවත්දේශපාලන

පිලිප් ගුණවර්ධන සමරුවක් අද (25) හවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී

ජාතික විරු උපහාර!

ශ්‍රී ලාංකේය ජනතාව අද බුක්ති විඳින් අයිතිවාසිකම්  බහුතරයක් ලබා ගැනීම උදෙසා සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේ  පටන් අති විශිෂ්ට හටන් ගණනාවක් කළා වූ හෙළදිව් හි වාමාංශික ව්‍යාපාරයේ ආරම්භක නායකයකු වූ  බොරලුගොඩ සිංහයා යනුවෙන් විරුදාවලිය ලත් පිලිප් ගුණවර්ධනයාණන්ගේ ගුණ සමරු උලෙළක් අද සවස4. 00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත් වේ. 

ලංකා බැංකු සේවක සංගමයේ හිටපු සභාපති රුසිරුපාල තෙන්නකෝන් මහතා ප්‍රධාන දෙසුම පවත්වයි.

කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක විද්‍යාලංකාර පිරිවෙන්පති අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතනාභිධාන නාහිමිාපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පිලිප් ගුණවර්ධන සමරු උලෙළ පැවැත් වේ.