උණුසුම් පුවත්කාලීනදේශපාලන

පුංචි ඡන්දෙට නාමයෝජනා භාර ගැනීම අද (17) සිට 20 දහවල් 12. 00 දක්වා

තැපැල් ඡන්ද අයදුම් කිරීම අද මැදියම් රැයෙන් අවසන්.

පළාත් පාලන ආයතන 336 ක් සදහා පාදක කර ගෙන පැවැත්වෙන පළාත් පාලන ජන්ද විමසීමේ  නාමයෝජනා අද (17) පෙරවරුවේ සිට ආරම්භ ‌කෙකෙණි.

නාමයෝජනා භාරගැනීම අවසන් වන්නේ 20 වැනි දා දහවල් 12. 00 ට යි. ඒ ඒ පළාත් පාලන ආයතන අයත්වන්නා වූ දිස්ත්‍රික්කයන් හි තේරීම්භාර නිලධාරී කාර්යාලවල දී නාමයෝජනා භාර ගැනේ. මේ පළාත් පාලන ආයතනවලට නියෝජිතයින් තෝරා පත් කර ගන්නා දිනය 20 වැනිදා නාමයෝජනා කාලය අවසන් වීමෙන් පසු ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

තැපැල් ඡන්ද පාවිච්චි කිරීමට සුදුසුකම් ඇති රජයේ නිලධාරීන්ගේ අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අද රාත්‍රී 12. 00 ට අවසන් බව ද කොමිසම නිවේදනය කරයි.