උණුසුම් පුවත්විදෙස්

පුටින් ඉරානයේ රයිසි සමඟ දුරකතන සංවාදයක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අඟහරුවාදා සිය ඉරාන සගයා, ඊබ්‍රාහිම් රයිසි සමඟ දුරකථන සංවාදයක් අතරතුර අනතුරු ඇඟවූයේ මැද පෙරදිග තවදුරටත් උත්සන්න වීම “ව්‍යසනකාරී ප්‍රතිවිපාකවලට හේතු විය හැකි බවයි.

"ව්ලැඩිමීර් පුටින් සියලු පාර්ශ්ව සාධාරණ සංයමයක් පෙන්වනු ඇතැයි බලාපොරොත්තු වන අතර සමස්ත කලාපයටම ව්‍යසනකාරී ප්‍රතිවිපාකවලින් පිරී ඇති නව ගැටුමක් වළක්වනු ඇතැයි" සඳහන් කළේ ය.

ඉරානය සහ ඔවුන්ගේ මිතුරන් ඊශ්‍රායලයට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන යානා 300 කට අධික ප්‍රමාණයක් දියත් කිරීමෙන් පසු සති අන්තයේ මැද පෙරදිග දැනටමත් නොසන්සුන්කාරී තත්වයක් වර්ධනය විය.

මේ මස මුලදී සිරියාවේ පිහිටි සිය කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් මෙම ගුවන් ප්‍රහාරය ආත්මාරක්ෂාව සඳහා වූ ක්‍රියාවක් බව ටෙහෙරානය ප්‍රකාශ කළේය. ඉරානයේ සති අන්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය ප්‍රතිඥා දී ඇති නමුත් එම ප්‍රතිචාරය කෙබඳු වනු ඇත්ද යන්න පිළිබඳව තවමත් විස්තර ලබා දී නොමැත.

"ඩමස්කස් හි ඉරාන රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් පසු මැද පෙරදිග උත්සන්න වන තත්ත්වය සහ ඉරානය විසින් ගනු ලැබූ පළිගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදි" යැ යි ක්‍රෙම්ලිනය පැවසීය.

මොස්කව් සහ ඉරානය සමීප හමුදා සහ දේශපාලන සගයන් වේ. ඉරාන පාර්ශ්වයේ ඉල්ලීම පරිදි අඟහරුවාදා ඇමතුම පැවැත්වූ බව ක්‍රෙම්ලිනය පැවසීය.