අතන මෙතැන ගොසිප්
“මං කිව්වනෙ... මගේ වැඩක් මං බලා ගන්නම් කියලා. ඔයාගේ වැඩක් ඔයා බලාගන්න. ගිහිල්ලා බලනවකෝ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කවුද කැත?. ටයි කෝට් දාලා වහගන්න හැදුවට ඩයබිටික් හැදිච්ච නාකි පප්ප කෙනෙක් වගේ...”
මාධ්‍යවේදිනියට අපහාස කළ නියෝජ්‍ය (ඇ)මැට්ටා..?
මේ දවස්වල පාර්ලිමේන්තුවේ අයවැය විවාද. පාර්ලිමේන්තුවත් හරිම උණුසුම්. ඔන්න ඒ අතරේ පහුගිය සතියේ ලංකාවේ ජාතික පුවත්පතක වැඩ කරන දේශපාලන කරලියේ කවුරුත් දන්න “තරුණ සුරූපී මාධ්‍යවේදනියක්” පාර්ලිමේන්තුවට ආවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සම්මුඛ සාකච්ඡාවකට අරගන්න. ඇගේ විෂය පථය තමයි “සමාජ දේශපාලන පුවත්” වාර්තාකරණය. දේශපාලඥයන් සමඟ “සම්මුඛ සාකච්ඡා” පවත්වන්නත් ඈ හරිම දක්ෂ කෙනෙක්...
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලයේදී ඈ එම සම්මුඛ සාකච්ඡාව ඉවර කරලා විපක්ෂයේ ඉන්න චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීතුමියත් එක්ක කතා කර කර පුස්තකාලෙන් එළියට ආවා. මේ මාධ්‍යවේදනියට කාර්යාලයෙන් පවරලා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ තොරතුරු වාර්තාකරණය. ඒක හින්ද ජවිපෙ නායක අනුර කුමාර එක්ක විතරක් නෙවෙයි, ජ. වි. පෙ. හැමෝම එක්ක ඇයට තිබුණේ ළඟ හිතුවත්කමක්. හැමෝම යාළුවො. විපක්ෂයේ වුණත් චමින්ද්රානිත් ඈ එක්ක යාළුයි.
මේ දෙන්නා එළියට එනකොට මූණට මූණ හමුවුණේ වර්තමානයේ ටයි කෝට් ගලවන්නෙම නැති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්.
එතුමා එක පාරටම නතර වෙලා අපේ සහෝදර මාධ්‍යවේදිනිය දිහා අමුතු විදිහට බලන්න ගත්තා. උඩ ඉඳල යටටත් යට ඉඳල උඩටත්... මේ මොන කෝලමක් ද කියලා චමින්ද්රානිත් බලාගෙන. ඔන්න එතකොට අර ඇමතිවරයා මෙන්න මෙහෙම කියනවා...
“මෙයාට මේ මොකක්ද වෙලා තියෙන්නෙ. මට එක පාරටම අඳුනගන්නත් බැරිවුණා. මාර විදියට වෙනස් වෙලානෙ..”
“මට මුකුත් වෙලා නෑ.. වෙනස් වෙන එක ලෝක ස්වභාවයනේ... වයසට යනකොට කවුරුත් චුට්ට චුට්ට වෙනස් වෙනවා. ඇයි ඇමතිතුමා මොකක්ද ප්‍රශ්නේ...” මුලින් හිනාවෙලා ඈ එහෙම කිව්වෙ හරිම සැහැල්ලුවෙන්...
“නැහැ මම කිව්වේ මෙයා ඉස්සරහ හරිම ලස්සනට හිටියා. ඇඟ මාරම ෂේප්. දැන් බලන්නකෝ මෙයාගේ හැටි. මහත් වෙලා මහත් වෙලා පුපුරලා යයි. දැන් බලන්නකෝ මෙයාගේ කැත.”
“මගේ ලස්සන කැත ඔයාට වැඩක් නෑනේ. ඒක මම බලා ගන්නම්. ඔයා ආවා වගේ යන තැනක යන්න...”
“එහෙම කොහො යන්නද.. මේක පාර්ලිමේන්තුව...”
එන පොට හොඳ නැති බව දැනගත්තු චමින්ද්‍රානි කතාව වෙනත් පැත්තකට හරවන්න උත්සාහ කළත්, නියෝජ්‍ය ඇමති “කටුඅත්තක්” වගේ ඒ කතාවෙම එල්ලුනා. එතකොට නම් මාධ්යවේදිනියගෙත් රතු කට්ට පැනලා.
“මොනවද ඇමතිතුමා ඔය කියන කතා. ඇයි මේ ලස්සන ගෑණු ළමයෙකුට ඔය විදිහට අපහාස කරන්නේ. මෙයා කොච්චර හොඳ ජර්නලිස්ට් කෙනෙක්ද. ඇරත් ඕගොල්ලන්ට කොච්චර උදව් කරල තියෙනවද...”
“මම කිව්වේ වරදක් නොවෙයි චමින්ද්‍රාණි. ගෑණු ළමයි වුණාම ලස්සනට ඉන්න ඕනනේ. දැන් බලන්නකෝ ඔයා. ඔයා කොච්චර ලස්සනට ඔයාගේ ඇඟ මේන්ටේන් කරනවද... ඒකට මේගොල්ලෝ...”
“මං කිව්වනෙ... මගේ වැඩක් මං බලා ගන්නම් කියලා. ඔයාගේ වැඩක් ඔයා බලාගන්න. ගිහිල්ලා බලනවකෝ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා කවුද කැත. ටයි කෝට් දාලා වහගන්න හැදුවට ඩයබිටික් හැදිච්ච නාකි පප්ප කෙනෙක් වගේ...”
ඔන්න ඔහොම උණුසුම් වෙලා දිගට ඇදුන මේ ගාලගෝට්ටිය නවත්තන්න එහෙන් මෙහෙන් මන්ත්‍රීවරුත් දුවගෙන ආවා. චතුර ගලප්පත්තියි චිත්‍රාල් ප්රනාන්දුයි තව කට්ටියකුයි දුවගෙන ඇවිල්ලා ප්‍රශනය ගොඩින් බේරන්න හැදුවා. යාන්තම් තව කට්ටියක් නියෝජ්‍ය ඇමතිව එතනින් එහාට අරගෙන ගියා...
“ඩෝන්ට් වොරි නංගී... එයාට තියෙන්නෙ ඔයා එක්ක ලොකු ඇරියස් එකක්...”
“ඒක ඇත්ත... පරණ ඇරියස් එකක් තියෙනවා තමයි... මම මේකත් ජනාධිපතිතුමාට කියනවා. ඒ මනුස්සයෝ කොච්චර හොද අයද... ඒකට මේගොල්ලෝ...”
ඇත්තම කතාව ජනාධිපති අනුර කුමාර කියන්නේ මේ මාධ්‍යවේදිනියගෙන් දුරකථන ඇමතුමක් ලැබුණම දෙපාරක් රිං වෙන්න කලින් ඇමතුම ගන්නවා. පක්ෂයේ පරණ හුඟක් අය එහෙමයි. ඒ තරමටම මේ තරුණිය පක්ෂයට ලැදියි... ඒක රහසක් නෙවෙයි.
සිද්ධිය වෙලා තත්පර ගානක් යනකොට පාර්ලිමේන්තු සභා ගැබෙත් මේ ගැන කසුකුසු පැතිරිලා ගියා... දයාසිරිටත් මේ කතාව ආරංචි වෙනකොට එයා හෙව්වෙ කව්ද මේ නියෝජ්‍ය ඇමැති කියලා...
“ආහ්... ඔය කියන්නෙ “චීත්ත කෝබා” ගැනද... ඔය මනුස්සයා ඉස්සර ඉඳන් ඔහොම තමයි. වෘත්තීය සංගම් කරන කාලේ ඉඳලා එයාගෙන් ලස්සන ගෑනු ළමයින්ට හරි කරදරයි...”
“මොකක්ද ඒ චීත්ත කොබා කියන කතාව...”
“දිග කතාවක් තියෙනවා. ඔය අනුරාධපුරේ පැත්තේ සිද්ධියකට ගිහිල්ලා “කොටු කොටු සීන් එකකට” අහුවෙලා මිනිහ පන බේරගෙන දුවලා තියෙන්නෙ වැලක තිබිච්ච චීත්තයක් ඇඳගෙන.” දයාසිරි රහසින්ම වගේ ඒ කතාව සහෝදර මන්ත්‍රීවරුන්ටත් කිව්වා...
“අද වුණත් පාර්ලිමේන්තුවේ මිනිහ මොනව හරි කතාවක් කරනකොට අහන්න අර චීත්තය තාම තියෙනවද කියලා... මිනිහව කේන්ති ගස්වන්න “චීත්ත කතාව” හොඳටම ඇති...”
ඔය කතා බහ මොනවා වුණත්, නියෝජ්‍ය ඇමති කවුරු වුණත්, මේ කරල තියෙන්නේ නම් බරපතළ වරදක්. එයාට ලස්සන ගෑණු ළමයි එක්ක ඕන තරම් ඇරියස් තියෙනවා ඇති. හැබැයි මේ කරපු වැඩේ කැතයි. එක පැත්තකින් කාන්තා හිංසනයක්. කාන්තාවන්ට අයුතු බලපෑමක්. ප්‍රසිද්ධියේ අපහාස කිරීමක්. ඒ විතරක් නෙවෙයි, මාධ්‍යවේදනියකට තර්ජනයක්. මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කිරීමක්. ඔය මොන පැත්තෙන් ගත්තත් වරද නියෝජ්‍ය ඇමතිගේ.
