ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙහි තීරණය යි
2024 නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණයක් ලබා දෙන සේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන ප්රතික්ෂේ කරන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද (04) පියවර ගත්තේ ය.
උක්ත පෙත්සම ගොනු කර තිබුණේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු සහ "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" සංවිධායක එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු අනුව, ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව මැතිවරණ දිනය නියම කර ඇති හෙයින්, මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට නිම කර ඇති බව අධිකරණය පිළිගත් විනිසුරු මණ්ඩලය පෙත්සම්කරුගේ ඉල්ලීම ඉවතලද ලද්දාහ.
ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව පෙත්සම නිශ්ප්‍රභා කරන ලැබිණි.