උණුසුම් පුවත්

පොලිස් පොතෙන්

උතුරෙන් දකුණට ගංජා බෙදු ජාවාරම්කරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට - කේ. ජී. තොගයේ වෙළඳපොළ වටිනාකම මිලියන 3 ක්

යාපනයේ සිට දිවයිනේ දකුණු ප්‍රදේශවලට ගංජා අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදී කේරළ ගංජා කිලෝ 8 ක් සමඟින් පුද්ගලයින් සිවිදෙනෙකු කන්කසන්තුරයේදී අත්අඩංගුවට ගෙන ඇත. යුධ හමුදා බුද්ධි අංශය දිර්ඝ කාලයක් සිදුකරන ලද විමර්ශණ වල ප්‍රතිපලයක් ලෙස ලබාදුන් බුද්ධි තොරතුරු මත යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරින් සමග එක්ව මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කරවෙඩ්ඩි, කට්ටකාඩු සහ මරදන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 21, 26, 29 සහ 31 යන වයස් වල පසුවේ. අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ජාවාරම් සිදු කිරීම සදහා යොදා ගත් යතුරු පැදි 3 ක්ද වන අතර අත්අඩංගුවටගත් ගංජා තොගයේ වෙළඳපොළ වටිනාකම මිලියන 3 ක් පමණ වේ. අත්අඩංගුවටගත් සැකකරුවන් සහ භාණ්ඩ පිළිබද ඉදිරි විමර්ශණ කටයුතු යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් සිදු කරනු ලබයි.

=======================

 

මත්කරල් තොගයක් බෝතලයක බහා රැගෙන යමින් සිටි පිළියන්දල කරදියාන කසල ප්‍රතිශක්තිකරන ඒකකයේ කම්කරු සේවකයෙකු  අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි

එම සැකකරු සතුව තිබූ බෝතලයේ මත්කරල් 3000 ක් තිබූ බව පොලිසිය සඳහන් කරයි

කිසියම් සැකකටයුතු දෙයක් පුද්ගලයකු රැගෙන යන බවට පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත් ගෙදර මහතාට ලද රහසිගත තොරතුරකට අනුව කරදියාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී මෙම මත්කරල් තොගය  සොයා ගැනීමට හැකි වි තිබෙයි.

සැකකරුට මෙම මත්කරල් තොගය ලද ආකාරය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව පවසන පොලිසිය අයිස් සහ හොරයින් මත්කුඩු වලට ඇබ්බැහි වුවන් ආදේශක මත්ද්‍රවයක් ලෙස මෙම මත්කරල් බෙහෙවින් පාවිච්චි කරන බව සඳහන් කරයි

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය