ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර ගේ අභාවය වෙනුවෙන් හෙළදිව සාතිශය සංවේගය!!!
හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත විය. දිවිගමන නිමා කරනා විට වර්ණවීර මහතා පසුවූයේ 64 වැනි වියෙහි ය.
ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ වර්ණවීර මහතා ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා ගත්තේ 1984 වසරේදී ය. ඔහු 1994 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ ය.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු සේ රැඳී හුන් අට වසරක කාලය තුළ ඔහු ටෙස්ට් කඩුලු 32 ක් බිඳ හෙළා තිබුණි. ඔහු එක්දින ක්‍රිකට් තරගවල දී ප්‍රතිවාදීන් 6 කු දවාලමින් පන්දුවෙන් දස්කම් පෙන්වා ඇත.
වර්ණවීර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එක්වන්නේ පකිස්ථානයට එරෙහිව පැවති තරගයෙනි.
ඔහු දකුණතින් පාදඟ පන්දු යවන්නෙක් සේ පතල වූයේ ය. පිත්ත හසුරුවන ලද්දේ වමත් පිතිකරුවකු ලෙසියි.
ජයනන්ද වර්ණවීර මාතර දී ජන්මලාභය ලබන්නේ 1960 නොවැම්බර් 23 දා යි. ඔහු ගේ පවුලේ සොවුරන් හැමදෙනාම මහින්ද විදුහලේ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළහ.
ගාල්ලේ මිතුරන් අතර පොඩි වර්ණෙ නමින් හැඳින්වුණු ජයනන්ද වර්ණවීර මහතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය භාරව දිගු කලක් කටයුතු කළේ ය.