උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව

පොත් පෙරහැරක්

දීඝවාපි ඉස්කෝලෙ පොත් පෙරහැර

3 ශ්‍රේණියේ බුද්ධාගම පාඩමක් තියෙනවා  පොත් පත්වල අගය කියාදෙන්න  අපේ පුංචි පැටවුන්ට. 
ඕන්න ඉතින් මේ ඒ ගැන යි.... ඉස්කෝලෙ පුංචි පුතාලට දුවලට මේ පාඩම ප්‍රායෝගිකව කරන අයුරු අපි බලමු කෝ. 
දිගාමඬුලේ දීඝවාපි විදුහලේ පැටවුන් පැටවියන් ගුරු මෑණිවරුන් හා පියවරුන්, තමන් ගේ පාසලේපවතින ඉතා අඩු සම්පත් උපයෝගි කරගෙන මතු පරපුරට පොත්පත්වල අගය කියා දෙමින් ප්‍රායෝගීකව ඉකුත් දොහක ඉස්කෝලේ පවත්වන ලද පොත් පෙරහැර යි මේ.
පොත්වලට ආදරේ කරන හැටි.
පොත්  ආරක්ෂා  කරන හැටි
ඒව රැක ගන්න හැට්
දැනුම බෙදාගන්න  හැටි හා
පොත් පෙරහැර ක් පවත්වන  හැට් කියල  දෙන්න ඒ විදුහලේ ගුරුවරියන් පෙරමුණ ගත්තු හැටි මෙහෙම සටහන් කරන්නෙ රටේ ම දරුවන් මේ දිහා බලා කටයුතු කරන අයුරු දකිනා රිසින්.
දීඝවාපි පාසලේ තුන්වන ශ්‍රේණියෙ පොඩ්ඩන් පෙිඩ්ඩියන් 21 ක් මේ පොත්පෙරට පෙළ ගැසිල පෙරහැර පවත්වපු හැටි අගේ කරමු
පාසලේ පුස්තකාලයට හෝ
පොත්  අඩු පාසලකට
දහම් පාසලේ පුස්තකාලයට
මෙහෙම  පෙරහැර කින් ගෙනිහින්  පරිත්‍යාග  කරන්න  පුළුවන් නේ ද?
සටහන
සුමැ