උණුසුම් පුවත්කාලීනදේශපාලන

පොදු විපක්ෂ සන්ධානයකට බය ලොක්කෙක්

ඔන්න ඔහොම ලු එයාගේ වැඩ

විපක්ෂයේ ප්‍රධාන නායකයකුගේ ක්‍රියාකලාපය නිසා පොදු සන්ධානයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මෑතක පැවති සම්මේලනයට තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වීම වැළැක්වීමට එම නායකයා කටයුතු කිරීමෙන් මෙම අර්බුදය තවත් උග්‍ර වී තිබෙන බව වාර්තා වේ.

ඔහු සම්මේලනයට යැවූයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පමණක් වන අතර, ඔහු විසින් අනුගමනය කරනු ලබන්නේ නිහඬ ප්‍රතිපත්තියකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පැවසුවේ, අනෙකුත් විපක්ෂ නායකයන් ජනතාව අතර ජනප්‍රිය වීම පිළිබඳව ඇති බිය නිසා ඔහු මෙලෙස කටයුතු කරන බවයි.

පොදු සන්ධානයක් පිහිටුවන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලා සිටියදී, මෙම නායකයා පමණක් ඒ සඳහා බාධා එල්ල කිරීම බරපතළ තත්ත්වයක් බවද එම මන්ත්‍රීවරු වැඩිදුරටත් අවධාරණය කළහ.

උපුටා ගැනීම - ලංකා සී නිවුස් වෙතිනි