යූටියුබ් නාලිකාවක හඬපටයකින් වෙච්ච අනාවරණයක්
නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව පොලිස්පතිගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්
පොලිස්පත් නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන්ට සහ රජයට අපහාස වන අන්දමින් යූටියුබ් නාලිකාවක අයිතිකරුවකු සමඟ එක්වී අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන ලදැයි කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව පොලිස්පතිවරයා, ජාතික පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි යොමු කොට තිබේ..
මෙම අසත්‍ය හා මඩ ප්‍රචාර සිදුකළා යැයි කියන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි යූටියුබ් නාලිකාවක හිමිකරු පිළිබඳව සමාජ ක්‍රියාකාරිකයකු වන විමල් ජයසේකර මහතා විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කොට තිබුණි.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යූටියුබ් මාධ්‍යකරුගෙන් ප්‍රශ්න කළ විට ඔහු එයට අදාළ හඬපට එම දෙපාර්තමේන්තුවට භාර දී ඇත..
එම හඬපට වල එම ඉහත කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ හඬ තිබී ඇති අතර ඒ අනුව අද හෙට ම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
