උණුසුම් පුවත්දේශපාලන

පොලිස්පති කීවාම යි අපරාධ කල්ලිත් එක්ක මං සම්බන්ධයි කියා දැනගත්තේ – ජගත් විතාන

දේශපාලකයෙකුට හෝ කිසිම අයෙකුට මෙවැනි දේවල් සිදු නොවේවා! මාධ්‍ය හමුවේ දී ඔහු පතයි

අපරාධ කල්ලි සමග සබදතා තමන්ට ඇති බව දැන ගත්තේ පොලිස්පතිවරයා විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ  මොහොතේ යැ යි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කළේ ය.

ඒ මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශයෙන් තමන්ට අපරාධ කල්ලිත් සමඟ ප්‍රශ්නයක් තියෙන බව තමා අද ඒ මොහොතේ දැනගත් බවයි. ජීවිත තර්ජනයට තමන් ලක්ව ඇති බවට සඳහන් වන්නේ පොලිස්පතිතුමාගේම වචන වලින් බව හෙතෙම පැවසී ය.

තම වරප්‍රසාද කඩ වීමක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට මෙම ඉදිරිපත් කරමින් කී බව ද ජගත් විතාන මහතා ප්‍රකාශ කළේ ය.

තමන්ට අනුව, නොයෙකුත් අපරාධකරුවන් ගේ නම් සඳහන් ලිස්ට් එකක් (ලැයිස්තුවක්)  වාර්තාවක් ලද බව ද එහි (එම ලැයිස්තුවේ) 24 වැනි ස්ථානයේ සිය නම සටහන්ව ඇති බව ද හෙතෙම පෙන්වූයේය.   එහෙත් එහි චෝදනා ඇති කොටසේ තමන්ට කිසිම චෝදනාවක් ගැන සටහනක් නොමැති බව ද විතාන මහතා අවධාරණය කළේ ය.

තමාට දී ඇති ආරක්ෂාව තාවකාලික එකක් යැ යි පොලිස්පතිවරයා සඳහන් කර ඇතැ යි ද, “වෙඩි කන්න ඉන්න මිනිහා” තමා වන වූවත්  ඕනෑම වෙලාවක මෙම ආරක්ෂාව අයින් කිරීමට හැකි යැ යි ද මන්ත්‍රී විතාන මහතා කී ය.

 තමන් කිසිවෙකුට වැඳගෙන නොයන බව පැවසූ ඔහු, යම් දේශපාලකයෙකුට හෝ කිසිම අයෙකුට මෙවැනි දේවල් සිදු නොවේවායි යන පණිවිඩය දෙන්නේ යැ යි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කථානායකවරයා හරහා නීත්‍යානුකූලව ආරක්ෂාව ලබා ගැනීම කෙරෙහි පොලිස්පතිවරයාට යම් ලැජ්ජාවක් හෝ පසුතැවීමක් ඇත්දැයි තමා නොදන්නා බව හෙතෙම පැවසී ය. ඔහු නිවැරදි නීත්‍යානුකූල මාර්ගය අනුගමනය කළ බැවින් සමාව ගන්නට යන්නේ නැති බවද ප්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා විසින් “ව්‍යාපාර කතන්දරයකුත්” ප්‍රකාශ කර ඇතැයි ද, පොලිස්පතිවරයා තමාට කළු පැල්ලමක් එකතු කිරීමට උත්සාහ කර ඇතැයි ද  විතාන මහතා චෝදනාවක් ද නැඟී ය . ඔහුගේ ප්‍රකාශය පිළිබඳව තමන් නීතිමය පියවර ගන්නේ යැ යි  ජගත් විතාන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පැවසී ය.

තමා පාතාල කල්ලිත් සමඟ සම්බන්ධ කර ගැටුමක් නිර්මාණ කිරීමට උත්සාහ දරන්නේ අනියමෙන් පොලිසියට කරන්න බැරි දේ පාතාල කල්ලි හරහා ඉටුකර ගන්නට දැයි හෙතෙම ප්‍රශ්න කළේය.