ආරක්ෂකඋණුසුම් පුවත්

පොලිස්පති තෙන්නකෝන් අප්‍රියෙල් 03 දක්වා රිමාන්ඩ්පොලිස්පති තෙන්නකෝන් අප්‍රියෙල් 03 දක්වා රිමාන්ඩ්

තවත් දෙසතියකට රිමාන්ඩ්

වැඩ තහනමකට ලකත්ව සිටින හිටපු පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ පෙනී සිටියේ විවෘත වරෙන්තුවක් අනුව දුටු තැන අල්ලන්නයැයි කර තිබූ නියෝගය ප්‍රකාරවයි. ඔහු අද දක්වා රිමාන්ඩ් කර සිටිය අතර අද  ඔහු යළි අධිකරණයට ගෙන එන ලදි

 ඒ ඔහු විසින් ඉදිරිපත් කර තිබුණු ඇප ඉල්ලුම්පත්‍රය සලකා බැලීමට යි.. ඔහු අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියේ ය. 

මාතර  ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා හමුවට අද දහවල් තෙන්නකෝන් මහතා  ඉදිරිපත්කරන  ලදුව  ඔහුගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලදි. යළි ඔහු 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන්නට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය .

වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදි 2023.12.31 වන දින සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 2025.02.27 දින නියෝග කරන ලදි.