වැලිගම පැලෑනේ හෝටලයක් ඉදිරියේ සිදු වූ වෙඩි තැබීමක් ගැන ඔහු අත්අඩංගුවට ගන්නැ යි මාතර මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයක්
පොලිසියට කට්ටි පනිමින් හුන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින ගණනාවක් පුරා සැඟවී සිට අධිකරණයට ඉදිරිපත් වීම සදහා අද මාතරට උසාවියට ගිහිනි.
වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදි 2023.12.31 වන දින සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 2025.02.27 දින නියෝග කරන ලදි.
තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැ යි හේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉකුත් 17 වැනිදා අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්ෂේප කරන ලදි.