ඇප දෙනවා ද යන්න හෙට ප්‍රකාශ කරනවා
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන සේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණි.
ඒ අද ඔහු මාතර අධකරණය හමුවේ පෙනී සිටිය අවස්ථාවේ දී ය. ඔු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනා සේ මහේස්ත්‍රාත් උසාවියෙන් නියෝග කෙරුණේ අදින් දින 20 කට පෙර ය. ඒ වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදි 2023.12.31 වන දින සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙනි. ඔහු හා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලද්දේ 2025.02.27 දින යි.
එකී නියෝගය වළක්වන සේ හේ අභියාචනාධිකරණයට සිය නීතිඥයින් මඟින් පෙත්සමක් ඉදිරිපත් කරන ලදුව අධිකරණය ඒ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලද්දේ ඉකුත් 17 වැනි දින යි. ඒ අනුව ඔහු අද මාතර උසාවියට ඉදිරිපත් විය.
ඔහු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මාතර ප්‍රධාන මහේස්ත්‍රිත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා ප්‍රකාශ කරන ලද්දේ තෙන්නකෝන් මහතාට ඇප ලබා දෙනවා ද යන්න හෙට දින ප්‍රකාශ කරන පවයි.
තෙන්නකෝන් මහතා වෙනුවෙන් පනහකට ආසන්න නීතිඥවරුන් පිරිසක් කොළඹින් මාතර උසාවිය කරා ගොස් සිටිය බව හෙළදිව ආරංචි මාර්ග සඳහන් කරයි.
 
            