ඔහුට මහත ජනතා පිළිගැනීමක් - යළි නොවැම්බර් 17 දාට කඳවීම්
ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කෙරුණු පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (13 ) නියෝග කළේ ය.
ඇප මත මුදා හැරුණු පොලිස් කොස්තාපල්වරයා පිළිගැනීමට අධිකරණ භූමියේ විශාල පිරිසක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.
උසාවිය භූමියේ වාහනයක් ගෙන යාම පිළිබඳ වූ සිදුවීමක් මත හටගත් මතභේදයක් නිසා නීතිඥයෙකුට පහර දීමක් කළේ යැ යි දක්වමින් මේ පොලිස් කොස්තාපල්වරයාට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වන ගුණරත්තන වන්නිනායක මහතා ඉතා අසභ්‍ය අයුරුන් පරිභව කරමින් හැසිරෙන අයුරු ඉකුත් සිකුරාදා මාධ්‍ය ඔස්සේ රට ම දකින ලද සිදුවීමකි. මේ පිළිබඳව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
අද මේ සම්බන්ධයෙන් ඔහු යළි ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු විනිසුරුවරයා විසින් ඔහු ඇප මත මුදාහරින ලද අතර යළි නොවැම්බර් මස 17 වැනිදා දක්වා නඩුව කැඳවීමට ද නියෝග කළේ ය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ වන්නිනායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් ඉදිරිපත් වී මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වන ලදි.