උණුසුම් පුවත්

පොලිස් පොතෙන්

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධ්‍යෙන් සැකකරුවකු අත්අඩංගුවට - කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අල්ලා ගනී

ඉකුත් වසරේ අවසන් දින ග්‍රෑන්ඩ්පාස්  පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර පලා යෑමේ  සිද්ධියට  සම්බන්ධ‌ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඊයේ හැකි වූ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ඝාතනය සම්බන්ධ‌යෙන් සැකකරුවකු 2024.01.27 වන දින රාත්‍රී කොළඹ  පර්ගියුෂන් පාර ප්‍රදේශයේ දී යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වූ කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි කරු‌වෙකි. සිදු කළ  විමර්ශනයේදී මෙම සැකකරු වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු වශයෙන් කටයුතු කර ඇති බවත්, පොලිස් භාරයට ගත් යතුරු පැදිය සොරකම් කරන ලද යතුරු පැදියක් බවට හා වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය වැල්ලම්ටිය ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව 2024.01.27 වන දින රාත්‍රී කොළඹ වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ දී එම ගිනි අවිය ලබා ගත් පුද්ගලයා  මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම හා බලපත්‍ර නොමැතිව ගිනි අවියක් සන්තකයේ  තබා ගැනීම සම්බන්ධ‌යෙයෙ පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබක්, සජීවී පතරොම් 03 ක් හා ජංගම දුරකතනයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට ගත් එම සැකකරු වයස අවුරුදු 22 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

පොලිස් වෙස් ගත්තවුන් දෙන්නකු අ්ඩංගුවට 

පොලිස් නිලධාරීන් බවට ව්‍යාජව  පෙනී සිටි සැකකරුවන් දෙදෙනකු බිංගිරිය පොලිස් ස්ථානයෙන් නිලධාරීන් විසින් අත්අඩංගුට ගෙන ඇත.

2024.01.26 දින බිංගිරිය පොලිස් වසමේ පඩිවෙල ප්‍රදේශයේ දී රුපියල් 930,000/- ක් වටිනා ත්‍රීරෝද රථයක් මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධ‌යෙයෙ බිංගිරිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කරන ලදි.

මේ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේදී ඉහත පැමිණිලිකරු 2024.01.25 වන දින මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කිරීමට ගොස් ත්‍රීරෝද රථය රුපියල් 30,000/= ක මුදලකට කාන්තාවකට උකස් කර ඇති බවට අනාවරණය වී ඇත. ත්‍රීරෝද රථය උකස් තැබීම සම්බන්ධයෙන් නිවැසියන්‌ගෙන් වසන් කිරීම සඳහා පැමිණිලිකරු විසින් උකස්කාරියට දන්වා තවත් පුද්ගලයින් දෙදෙනකු සමඟ සම්බන්ධ වී ත්‍රීරෝද රථය නිවස ආසන්නයට රැගෙනැවිත් නිවැසියන්ට එම ස්ථානයට පැමිණෙන ලෙස දුරකතනයෙන් දැනුම් දී ඇත. ඒ අනුව නිවැසියන් පැමිණි පසු පැමිණිලිකරු සමඟ පැමිණි පුද්ගලයින් දෙදෙනා ඔවුන් පොලිස් නිලධාරීන් බව හඟවමින් රියදුරු බලපත්‍රයේ  අඩු පාඩුවක් හේතුවෙන් ත්‍රීරෝද රථය පොලිස් ස්ථානයට රැගෙන යන බවට පැමිණිලිකරු ගේ  නිවැසියන්ට දැනුම් දී ත්‍රීරෝද රථය ගෙන පලා ගොස් උකසට ලබා ගත් කාන්තාවට ලබා දී ඇත.

ඒ අනුව 2024.01.27 දින ඉහත  පොලිස්  නිලධාරීන් බවට වංචනිකව පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා බිංගිරිය පොලිස් වසමේ මෙලදෙණිය ප්‍රදේශීයේ දී ත්‍රීරෝද රිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 හා 31 වයසේ පසුවන  උඩවෙල ප්‍රදේශයේ  පදිංචි කරුවන් ය. .

මෙම අසත්‍ය පැමිණිල්ල සිදු කළ පුද්ගලයාට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා  බිංගිරිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.