උණුසුම් පුවත්

පොලිස් ‌පොතෙන්

කොස්‌ගොඩ පොලිස්  වසමේ දී අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයකු මියගොස් ඇත.

2024.02.11 දූවමෝදර, පස්මංහන්දිය ප්‍රදේශයේ  කුඹුරුක මේ පුද්ගලයා මියගොස් ඇති බවට කොස්පගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරන ලදුව ඔහු වයස අවුරුදු 39 ක් වූ කිරිමැටිහක්ත, පස්මං හන්දිය ප්‍රදේශයේ  පදිංචිකරුවකු බව අනාවරණය වී තිබේ.

මරණකරු ඊයේ සවස් කාලයේ  නිවසින් පිටව ගොස් ඇති බවත්, දූවේමෝදර පස්මංහන්දිය අසල පිහිටි කුඹුරු ඉඩමක ආරක්ෂා  සඳහා අනසරයෙන්අඳින ලද විදුලි රැහැනක ගැටී මියගොස් ඇති බවත් පොලිසිය සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත. කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශනය කරයි.

මෙරට නිපැයූ ගිනි අවියක් සමඟ පුද්ගලයකු මාන්කුලමේ දී STF අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු  - පොලිස් විශේෂ කාර්ය බළකායේ  මාන්කුලම්  කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංුවට ගෙන ඇත.

2024.02.10  වැනි දින සවස් කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මාන්කුලම්
කඳවුපර් නිලධාරීන්ට ලද තොරතුරක් මත අයියන්කුලේ පොලිස්  ප්‍රදේශයේ පලයිමුරුකණ්ඩි හි දී  කළ වැටලීමකිිින් මේ ගිනි අවිය හා එය සතු සැකකරු අත්අඩංගුවට ගෙගෙඅයියන්කුලම පොලිස් ස්ථානයට භාරදී ඇත.
අත්අඩංගුවට ගත්ත සැකකරු වයස අවුරුදු 46 ක් වූ  පලයිමුරුකණ්ඩි පදිංචි කරුවෙකි.

 

විදේශීය නිෂ්දිපාත ගිනි අවියක් සමඟ සැකකරුවකු ද STF අත්අඩංගුවට

පොලිස්ක විශේෂ කාර්ය බළකායේ වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද .
ලද තොරතුරක් මත  වැලිකන්ද පොලිස් ප්‍රදේශයේ  මොනරතැන්න ගම්මානයේ දී කළ වැටලීමක දී  මේ ගිනි අවිය සොයා ගෙන ඇත.
බෝර 12 මේ ගිනි අවියත්, පතොරම්  04 ක් හා ඊයම් මුනිස්සම් 30 ක් සමඟ සැකකරු  අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා  වැලිකන්ද පොලිස් ස්ථානයට
භාරදී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වූ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.