උණුසුම් පුවත්

පොලිස් පොතෙන්

ගනේමුල්ලේ සංජීවගේ ප්‍රධාන ගෝලයාගේ ගෝලයෙක් කොටුවෙලා

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 526 ක් සන්තකයේ තබාගෙන සිටි රාගම, ගල්වල වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “ගනේමුල්ලේ සංජීව” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන මේ වන විට විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන “දික්පිටිගොඩ ලහිරු” නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා මොහු බවට අනාවරණය වු අතර, මොහු 2018.12.06 වන දින හෙරොයින් ග්‍රෑම් 500 ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය විය.

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම පොලිස් වසමේ අංක 1101, කැන්දලියද්ද පාළුව, ගල්වල වත්ත, රාගම ලිපිනයේ දී කළ වැටළීමකදී මොහු අත්අඩංගුවට ගන්න ලදි..

 

ez cash ක්‍රමයට මත්ද්‍රව්‍ය හෙරොයින් තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

එහි ez cash මගින් ලබාගත් හෙරොයින් මත්කුඩු ග්‍රැම් 01 මිලි ග්‍රෑම් 50 සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 32ක් වන සහ හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 920 සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 40 ක් වන වාරියපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාරියපොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ දෙවන කදවුර අණ‌දෙන නිලධාරී පොලිස් පරික්ෂක ඊ.පී.ඩී.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 15 වැනි දා වාරියපොළ පොලිස් වසමේ හලාවත පාර, සුමංගල පිරිවෙන අසල දී වැටලීමක් සිදුකරන ලද බව පොලිසිය කියයි.