පොඩ්ඩන්ට පොඩ්ඩියන්ට කොතැනත් ඔහොමයි
පානදුර උතුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිනි ලෙස සේවයේ නිරතව හුන් උප පොලිස් පරීක්ෂකවරියක තම මෝටර් රථයන් හි හප්පා මරණයට පත් කිරීමට තැත් කළ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ ය.
ඒ පානදුර පොලිසයේ උතුර ාට්ඨාසයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂිකාවක් මරණයට පත් කරන්නට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු දරන ලද උත්සාහයක් ගැන ලද පැමිණිල්ලකට අනුව යි. ඇය ජනාධිපතිවරණයට පසුදින පානදුර ජුබිලි කනුව හන්දියේ පොලිස් මාර්ග බාධක ස්ථානයේ රාජකාරියේ යෙදී සිටය දී පානදුර පැත්ත සිය මෝටර්රිය පදවා ගෙන එන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් හිතාමතා ම ඔශු ගේ මෝටර් රියේ යතුරුපැදියේ හුන් පොලිස් නිලධාරිනිය යටකර ඝාතනයට තැත් කළේ යැ යි ලද පැමිණිල්ලකට අනුව මෙකි විමර්ශනය අරඹන ලද බව තල්දූව මහතා වැඩි දුරත් කිය යි