උණුසුම් පුවත්දේශපාලන

පොහොට්ටුව ඇන්දෙ මගේ අතින්. ඒ්ක මගේ. – දිලිත් ජයවීර බදුල්ලේ දී කියයි

අපේක්ෂකයෙක් නැත්තේ බැසිල් ගෙ පොහොට්ටුවට. ජනතාවගේ පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා ඒ් දිලිත් ජයවීර

මේ රට රාජපක්ෂලා ගේ බූදලයක් නොවේ. බැසිල් කියන ඇමරිකන් කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ. මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලං කරන්න රාජපක්ෂලට දෙන්න බෑ" යි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඊයේ(30) බදුල්ලේ දී පැවසී ය.

ජයවීර මහතා එසේ ස හන් කළේ බදුල්ල සයිමන් පීරිස් ශාලවේ පැවති මව්බිම ජනතා පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එම පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, උප සභාපතිනි අනුරාධා යහම්පත්, ලේකම් රංජන් සෙනෙවිරත්නේ,ව්‍යවසායක සමාජ ක්‍රියාකාරී සිවම් ලොගනාදන් කෝබි, උපාලි ජයසේකර, හිටපු සබරගමුව පළාත්සභා මන්ත්‍රී ප්‍රභාත් ඩී අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු දහස් සංඛ්‍යත සම්භාවනීය බදුලු ජනතාව සහභාගිවී සිටියහ.

මෙහිදී වැඩිදුරටත් දිලිත් ජයවීර මහතා "ජනපතිවරණයද කියන එක බැසිල් කියන ඇමරිකන්කාරයට තීරණය කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික දේශපාලනය, රාජ්‍ය පරිපාලනයට අත ගන්න බැසිල් කවුද. ප්‍රසන්න රණතුංග කියනවා මේ පොහොට්ටුවට ජනපතිවරණයට අපේක්ෂකයෙන් නැතිලු. මං අහන්නේ කොයි පොහොට්ටුවටද අපේක්ෂකයෙක් නැතේ. බැසිල්ගේ පොහොට්ටුවටද? ඔව් බැසිල්ගේ පොහොට්ටුවට අපේක්ෂකයෝ නෑ. හැබැයි ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් ඉන්නවා. ඒතමයි මම දිලිත් ජයවීර"

මහින්ද රාජපක්ෂ මහතා යුග පුරුෂයෙක් බව සැබෑවක් වුණත් එතුමාගේ සහෝදරයට වගේ ම පවුලේ උදවියටත් තේරුම් කරලා දෙන්න යි කියන්න වෙනවා මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක කරන සෙල්ලම මෙතැනින් එහාට අවසන් බව යැ යි ද ජයවීර මහතා ස හන් කළේ ය.

පොහොට්ටුව යනු රාජපක්ෂලාගේ බූදලක් නොවනා බව සිහිපත් කළ හේ ඒ ලාංචනය මෙන් ම අලුත් රටක් නමැති තේමා පාඨය ඇන්දෙත් ලිව්වෙත් තමා ගේ අතින් බව හේ බදුලු ජනතාව හමුවේ පැවසී ය.හැට නමලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ බැසිල්ටවත් නාමල්ටවත් නොවන වග කී ඔහු රටට තියෙන ආදරේ නිසා දේශප්‍රේමීත්වය නිසා ඡන්දය දුන් බව ද කී ය.

අවුරුදු 70ක ඉතිහාසය අපි වෙනස් කරනවා. අපි ඇවිත් ඉන්නේ එකට. මේ රටේ අහිංසක වතු සේවකයින්ගේ වැටුප දේශපාලන පලිහක් කරගෙන ඔබේ අහිංසක සල්ලි වලින් ජිවත් වෙන්න මේ පක්ෂයේ කාටවත් අවශ්‍යතාවයක් නැහැ. අපි ඇවිත් ඉන්නේ දේශපාලනයෙන් ජීවත්වීමේ පරමාර්ථයෙන් නෙමෙයි.යනුවෙන් දිලිත් ජයවීර මහතා කළ වේගවත් කථාව කෙරෙහි ජනතාව දැක්වූයේ ඉහළ ප්‍රතිචාරයකි.

අචාර්ය සරත් අමුණුගම, අනුරාදා යහම්පත් ඇතුළු තවත් කිහිප දෙනෙක් ජනතාව ඇමතූහ.