උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

පෝ පැදි ගඟෙන් බිඳක්

පොසොන් සඳ නැගෙන තුරු.!??

අහස් කුස සිඹ ගන්න...
වෙසක් සඳ හිනැහෙන්න...
පොසොන් සඳ නැගෙන තුරු...
බැරි වෙයිද නවතින්න...

හිතේ කාන්සිය යන්න...
රැහැසියන් හඬවන්න...
තිලෝගුරු නමදින්න...
කැළණි යන්නට එන්න...

තුරු වදුලු අතු පතරේ...
එපා තව සැගවෙන්න...
නිවි නිවී යලි එබෙන...
තරු වලලු මැද ඉන්න...

- ඇන්ජලා පැල්පොළ - 

සෙනෙහසේ රස කවිය...
තාලයට මුමුණන්න...
දෙව්රමට සමුදීලා...ලක් මෑණි සරසන්න...