උණුසුම් පුවත්දේශපාලන

පෞද්ගලික අධ්‍යාපනයට ජාතික ජන බලවේගය විරුද්ධ නෑ

එහි විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා ''කරට කර" හිඳ කියයි

ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාවේ 'කරට කර' විශේෂාංග වැඩ සටහනේ දී සුනිල් වටගල මහතා ඒසේ පැවසුවේ ඔහුගේ පුතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බව ඔහුගෙන් ඊට සහභාගි වූ විවාදකයින් දෙදෙනකු කළ විමසීමේ දී ය. ඒ ඉකුත් 20 වැනි දා සැඳෑවේ දී ය.

රටේ තරුණ දරුවන් උද්ඝෝෂණ කරන්නට පාරට ඇදදමා ඔවුන් තමන් ගේ දරුවන් ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යැවීම ගැන එක්සත් ජාතික පක්ෂයේ හා පොදුජන පෙරමුණේ නියෝජිතයො නීතිඥවරයා ගෙන් විමසූහ.

තම පක්ෂ‌ේ ප්‍රතිපත්තිවලට පටහැනි නැති බව කී සුනිල් වටගල මහතා මෑතක දී ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ බලතල ඉක්මවා යන ස්වරූපයක් තුබූ නිසා ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විරුද්ධ වූ යේ යැ යි කීය.