පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14
මම ඊයේ හිටියේ යාපනය දිස්ත්‍රික්කයේයි. ඒ ජනතාව දීර්ඝ කාලයකට පසුව අපිව වැළඳගෙන තිබෙනවා. සහෝදරයෙක් පණිවිඩයක් එවා තිබෙනවා ඊයේ යාපනයට අවුරුදු වගේ කියලා. උතුරු, දකුණු නැගෙනහිර භේදයකින් තොරව පොදු ජනයාගේ බලාපොරොත්තු අපේ පාලනය කෙරෙහි තබා තිබෙනවා. පැරණි පාලකයාට තිබෙන්නේ මේ රට වට්ටන්නේ කොහොමද කියන බලාපොරොත්තුවයි. ඒ අය කොච්චර ප්‍රතික්ෂේප වෙලාද කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද රැස්වීමක් තිබ්බේ නැහැ. එයාලා සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විශාල අවලාද නැගුවා. අද ඒවා අසත්‍ය බවට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙන්න ඉඩ නොදී ජයග්‍රහණයකින් කෙළවර කිරීම අපේ අරමුණයි.
දේශපාලන බලය කේන්ද්‍ර වී තිබෙන්නේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාව තුළයි. මේ බල ව්‍යුහයන් ඇතුලේ සමීපව දේශපාලන නායකත්වයක් ලබාදීම අවශ්‍යයි. ඒ සඳහා ජාතික ජන බලවේගය කණ්ඩායම් මේ දේශපාලන ව්‍යුහය තුළට ඇතුළත් කළ යුතුයි. අපි පසුගිය දින 48ක කාලය තුළ සිදු කළේ, මේ රට අස්ථාවරභාවයට වැටෙන්න ඉඩ නොදී පවත්වාගෙන යාමයි. රට ඉදිරියට ගෙන යාමට ඉහත කී දේශපාලන ව්‍යුහය සඳහා සමීප දේශපාලන නායකයන් ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට පිරිස් යැවිය යුතුයි. ඒ වෙනුවෙන් මාලිමාවෙන් මේ පාර්ලිමේන්තුව පිරවිය යුතුයි.
එතකොට කට්ටිය කියනවා අපිට හරි පාර පෙන්වන්න ඒගොල්ලොත් පාර්ලිමේන්තු එවන්නලු. ඇති තරම් කැලෑ පාරවල්වල ගිහිල්ලා දැන් කියනවා අපිට හරි පාර පෙන්නන්න පාර්ලිමේන්තු යවන්නලු. මේවා දුකට කියන කතා. මේ පාර හදන්න ඕනෑ ශක්තිමත් ආණ්ඩුවක්. මේ පාර පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුත්තේ ඒ නිසයි.
අපේ රටේ දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. අපේ රටේ දේශපාලකයා බලය ලැබුනහම රිසි රිසිසේ ජනතා මුදල් පාවිච්චි කර තිබෙනවා. වාහන ආනයනය කිරීම තහනම් කාලයේ ඒ අයට වාහන ගෙන්වන්න පුළුවන්. ඒ අය හිතු හිතු දේ කරනවා. එයාලට ලියාපදිංචි නොකර වාහන පාරේ පදවන්න පුළුවන්. එම දේශපාලන අධිකාරියේ හිතුවේ තමන්ට රිසි රිසි දේ කිරීමට දේශපාලනය බලය ලැබී තිබෙනවා කියලයි. තමන්ට හිතුනාම කාබනික එළවලු කන්න ඕනේ කියලා නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ ඉඩමේ මිනිස්සු දාලා එළවළු වගා කරනවා. ජනාධිපති කාර්යාලයේ වාහන 863ක් තියෙනවා. ජනාධිපති ධූරය අතහැර යනකොට වාහනත් අරගෙන යනවා. සේවකයොත් අරගෙන යනවා. ඔවුන් හැමදාම හිතාගෙන හිටියේ ඔවුන්ට රිසිරිසි දේ කරන්න පුළුවන් කියලා.
ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේ රටේ දේශපාලනය ප්‍රමිතිගතකරණය කරනවා. කප්පම් දේශපාලනය නවතා දැමීමට කටයුතු කරනවා. දේශපාලනය පිරිසිදු කරනවා. දේශපාලන පිරිසිදු කරන්න ආරම්භක තැන පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමයි. දැනට තිබුණ පාර්ලිමේන්තුව එහෙට මෙහෙට විකිණෙන පාර්ලිමේන්තුවක්. සභා ගර්භය මැද එකිනෙකා රණ්ඩු කරන පාර්ලිමේන්තුවක්. පාසල් දරුවන්ට නැරඹිය නොහැකි පාර්ලිමේන්තුවක්. එහෙම පාර්ලිමේන්තුවක් මේ රටට ඕනෙද?
අප හදන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නත් පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නත් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතුයි.
මලිමාවෙන් මේ ඉදිරිපත් කර තියෙන කණ්ඩායම හැමදාම ජනතාවගේ පැත්තෙ ඉඳලා සටන් කරපු කණ්ඩායමයි. ඉඳ හිට හරි අනෙක් පැත්තෙන් කෙනෙක් එවනවා නම් එයත් අලුත් කෙනෙක් එවන්න. පරණ නරක ඇබ්බැහි වුණු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට එවීමෙන් පාර්ලිමේන්තුව අපිරිසිදු විය හැකියි.
දැනටමත් අපි තුන්දෙනාගේ ආණ්ඩුව වැදගත් තීරණ කිහිපයක් ගැන තිබෙනවා. මේ රටේ ආර්ථික හීන් නූලකින් ගැටගහලා තියෙන්නේ. ඒ නිසා මෙය සීරුවෙන් පියමන් කරගන්න ඕනෑ. ඒ නිසා අපි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය සමනය කරමින් සිටිනවා. ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන මේ වෙනවිටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් සමග තුන්වන සමාලෝචනය සිදු කරමින් තිබෙනවා. ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් එවිට අපිට අත්පත් කරගන්න පුළුවන්. දෙසැම්බර් මාසය වන විට ඉදිරි මාස හතර සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ලබන වසරේ ඉදිරිපත් කරන අයවැය මගින් ආර්ථික නව දිශානතියක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000ක් වැඩි කර තිබෙනවා. අස්වැසුම තව ලැබිය යුතු කණ්ඩායමක් සිටිනවාද කියා සමාලෝචනය කරමින් තිබෙනවා. ඊළඟ අයවැයෙන් උපයන විට බද්ද සාධාරණ අඩු කිරීමකට ගෙන එනවා. ආහාර පාන කිහිපයක වැට් බද්ද ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදායම් මාර්ග අහිමි පවුල් වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා යම් දීමනාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ලබන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම දීමනාව ලබාදෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 15,000ක පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදී තිබෙනවා. සහනාධාර දීමනාවන් හැමදාම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් වනතුරු යම් දීමනාවක් යම් සහනාධාරයක් ලබාදීමට අප කටයුතු කරනවා.දුප්පත්භාවයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති අපේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආර්ථික, අධ්‍යාපනික වැඩපිළිවෙක් සකස් කිරීමට කටයුතු කරනවා.
‘පිරිසුදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ හැම අතින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. කඩේකට ගියාම හොඳ ආහාර වේලක් ගැනීමේ හැකියාව, පාරෙන් පලතුරු එළවළු ගන්නවනම් එහි ප්‍රමිතිය පිළිබඳව විශ්වාසය, මිනිස්සුන්ට ජරාව කන්න දෙන එක නවත්වනවා. රට පුරා පිරිසිදු වැසිකිලි පද්ධතියක් නිර්මාණය කිරීම, විනයගරුක සමාජයක් ඇති කිරීම, පරිසර පද්ධතිය ආරක්ෂාව මෙම වැඩසටහන යටතේ තිබෙනවා. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ යටතේ ක්‍රියාත්මක කරනවා. කුණු ප්‍රතිචක්‍රීය කිරීම සඳහා කර්මාන්ත ශාලා ඇති කරනවා. මේ කලාපයේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. ඒ සඳහා අරමුදලක් ස්ථාපිත කරනවා.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය පිළිබඳ විශාල සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. දැනට අපේ රටේ රාජ්‍ය සේවය පවතින්නේ මීට දශක දෙකකට පෙර තිබෙන තැනකයි. තවමත් අපේ රටේ උප්පැන්න, ඔප්පු ලබා ගන්න රජයේ ආයතනවල පෝලිමේ ඉන්නවා. මේක දශක දෙකක පෙර ලෝකයයි. ඒ නිසා පෝලිමක් නැතිව ගෙදර සිට පුරවැසියෙකුට තමන්ගේ ඉල්ලීම රජයෙන් කළ හැකි පරිදි ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. ඉදිරි වසර තුන ඇතුළත ලංකාව ඩිජිටල්කරණය කරනවා. මේ සඳහා හාන්ස් විජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. වැටුපක් ගැනීමකින් තොරව එතුමා වැඩ කරනවා. හොඳ මිනිස්සු ආවහම හොඳ මිනිස්සු එකතු වෙනවා.
සංචාරක කර්මාන්තය ආර්ථිකය සංවර්ධනය කරන හොඳ විභවතාවයක් පවතින ක්ෂේත්‍රයක්. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ලබන වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන වසර බවට පත් කරනවා. මේ සම්බන්ධයෙන් හෝටල් හිමිකරුවන් සමඟද සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ රට නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් කරනවා. ඉහළ සිට පහළ පුරවැසියා දක්වාම මේ රටේ නීතියට යටත්. මත්ද්‍රව්‍යයෙන් තොර රටක්, අපරාධවලින් තොර රටක් අප නිර්මාණය කරනවා. රාජ්‍ය දේහය පුරා පැතිරී තිබෙන වංචාව දූෂණය ජාතික ජන බලවේගය විසින් අවසන් කරනවා. ජාතික ජන බලවේගය කණ්ඩායම තමන්ගේ පෞද්ගලික වුවමනාවක් නිසා දේශපාලනය කරන්නේ නැහැ. ණය ගෙවා ගන්න බැරුව, බංකොලොත්භාවයට පත්වී තිබෙන මේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට ජාතික ජන බලවේගය විසින් පත් කරනවා.
මෙච්චර කල් දේශපාලකයා කියන චරිතය පිළිබඳව ජනතාව හිතන් හිටපු ආකාරය වෙනස් වී තිබෙනවා. ජනාධිපති කියලා ලොකු ලෝගු පෙරවාගෙන හිටියේ. දැන් ජනතාවට තේරෙන්න ගන්නවා ජනාධිපතිවරයා, ඇමතිවරයා, මන්ත්‍රීවරයා කියන්නෙත් පොදු ජනතාව සමග වැඩ කරන මිනිස්සු කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැදගත්ම තීන්දුව ගන්න තියෙන්නේ නොවැම්බර් මාසයේ 14වැනිදායි. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
අපි හිටගන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා - ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මවුලවි මුනීර් මුලෆ්ෆර් මහතා
මේ රට විනාශ කළ දූෂිතයන් පාර්ලිමේන්තුවට නැවත නොයවන ලෙස මෙතැනට නොපැමිණ සිටින සියලු ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. මේ රට විනාශ කිරීමට මූලික වූ පුද්ගලයන් වෙනත් පක්‍ෂවලින් වාගේම ස්වාධීන කණ්ඩායම්වලිනුත් ඉදිරිපත් වී සිටිනවා. මොන වෙස්මුහුණු බැඳගෙන ආවත්, අපි රැවටෙන්නේ නැහැ. අපි හිටගන්නේ, අපි යන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා. විදේශගත වී සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහත් ශක්තියක් ලබා දුන්නා. ඔවුන් එයින් ඔප්පු කළේ ඔවුන්ගේ හදවත හැම විටම මේ මහ පොළොවත් එක්ක බද්ධ වී තිබෙන බවයි. ඔවුන් හැම අවස්ථාවකදීම මේ රට හොඳ, යහපත්, නිවැරැදි තැනකට පත් කරන්න කල්පනා කරන බවයි. ඒ නිසාම ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් වියදම් කරගෙන පැමිණියා. එසේ පැමිණිය නොහැකි අය ඔවුන්ගේ ඥාති, මිත්‍රාදීන් දැනුම්වත් කර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළා. සිංහල, දෙමළ, මුස්ලිම් වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සියලුම දෙනා එක් වී ශ්‍රී ලාංකිකයි කියන රටක් අපි ගොඩනඟමු. අපි මාලිමාවේ එකට මේ මැතිවරණයට මුහුණ දෙමින්, මේ දක්වා ගොඩනඟා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. අපි ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ගොඩනඟන්න කැප වී ක්‍රියා කරමු.
ජාතික ව්‍යාපාරයක් සමඟ එක් වී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ආඩම්බරයක් - විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා
ද්වේෂසහගත, අසත්‍ය සහ භීෂණකාරී චෝදනා අපට එල්ල කර තිබුණු අවස්ථාවක ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන්න විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය හැටියට අප විශාල දායකත්වයක් ලබා දුන්නා. පෞද්ගලිකව මාව ජනාධිපතිවරණයට පෙර සිටි ඇතැම් බලවේග විසින් හැඳින්වූයේ ත්‍රස්ත කල්ලියක නායකයෙක් හැටියටයි. වවුනියාව, ත්‍රිකුණාමලය ඇතුළු සියලුම දිස්ත්‍රික්කවල පාහේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 50,000ක් පමණ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සමඟ ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරනවා. සැප්තැම්බර් 22 වැනිදා භික්‍ෂුන් ඝාතනය කර මහා ලේ විලක් ඇති කිරීමේ ත්‍රස්ත කල්ලියක නායකයෙක් ලෙස මාව හැඳින්වූවා. අපට තිබෙන්නේ, පණ අදින මිනිසුන්ට අපේ අතින් පණ දෙන්න ගිනි ගන්න තැන ගිනි නිවන්න යෙදවූ දෑත්. යුද්ධය නිමා කළ පසුත් පන්සල්, පල්ලි, කෝවිල් ගොඩනඟන්න වෙහෙස වුණු දෑත් අපට තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් සියුම් ආඩම්බරයක් අපට තිබෙනවා. රට වට්ටා තිබෙන අවස්ථාවක මෙවැනි ජාතික ව්‍යාපාරයක් සමඟ එක් වී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ගැන සියුම් ආඩම්බරයක් තිබෙනවා.
සුදු රෙදි හොරුන්ට රැවටුණු කාන්තාවන් 2023 දී ‘ගැහැනු අපි එකමිටට මාලිමාවට’ එකතු වූවා -ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික, මහා මැතිවරණ අපේක්‍ෂිකා හිමාලි වීරසේකර
අද අපට දේශපාලන පිටියේ තරග කරන්න කිසිවෙක් නැහැ. ඒ වාගේම ආණ්ඩුව පිහිටුවන්න මාලිමාව හැර වෙන කිසිවකු ඇත්තෙත් නැහැ. මේ දක්වා වෙනත් පක්‍ෂවලට ඡන්දය දුන් ගම්, දනවු පිටින් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක්වෙමින්, ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් ක්‍රියා කරන්න පෙරට එමින් සිටිනවා. මෙපමණ කාලයක් අපේ බහුතර කාන්තාවන් පිරිසක් සුදු රෙදි හොරුන්ට රැවටුණා. ඒ යුගය නිමා කරන්න 2023දී ආරම්භ කළ ‘ගැහැනු අපි එකමිටට’ එකතු වූවා. සක්‍රිය දේශපාලනයට අවශ්‍ය දේශපාලන ඥානය ලබා ගනිමින්, ලංකාව පුරා කාන්තාවන් තවදුරටත් ඒකරාශී වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ඉටු කරන කාර්යභාරය ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි. එහි හැරවුම් ලක්‍ෂ්‍යයන් ලෙස සැප්තැම්බර් 21 වැනිදාත්, නොවැම්බර් 14 වැනිදාත් ලියැවෙන බව ස්ථිරයි. නොවැම්බර් 14 වැනිදා ලබා ගන්නා ශක්තියෙන් පුරවැසියාගේ වැඩ කොටස ඉටු කරමින්, ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවන රටක් හැටියට ශ්‍රී ලංකාව ඔසොවා තබමු. ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දුන් ගම්පහ දිස්ත්‍රික්කය තව දුරටත් ශක්තිමත් කරමින්, මාතෘභූමියේ ජයග්‍රහණයට එක් වෙමු.
මම ජීවත් වන අයර්ලන්තය වැනි තත්ත්වයට අපේ රට ඔසොවා තබන්න ශක්තිමත් පාලනයක් ගොඩනඟමුජාතික ජන බලවේගයේ අයර්ලන්ත ශාඛාවේ විධායක සභික රුවන් සමරතුංග
මම අවුරුදු තිස්පහකට වැඩි කාලයක් විදේශගතව ජීවත් වන අතර, එයින් අවුරුදු විස්සකට වැඩි කාලයක් අයර්ලන්තයේ ජීවත් වෙනවා. හොඳ සෞඛ්‍යයක්, හොඳ අධ්‍යාපනයක්, හොඳ ප්‍රවාහනයක් තිබෙනවා වාගේම නීතියේ විධානයේ ආධිපත්‍යය සහ ආර්ථික සාධාරණත්වය පවතින රටක්. මේ 14 වැනිදා අපි ගොඩනඟන ආණ්ඩුවෙන් අපේ රටත් ඒ මට්ටමට ගෙන යාවි කියලා මම විශ්වාස කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා දුන් ශක්තිමත් අත්තිවාරම සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ඔබ සැමට ගෞරවය පුද කරනවා. ඒ වාගේම වාර්තාගත ජයග්‍රහණයක් මේ 14වැනිදා ජාතික ජන බලවේගයට ලබා දෙයි කියලත් විශ්වාස කරනවා. මේ බලවේගය ජයග්‍රහණය කරා ගෙන යන්න නොපසුබස්නා ධෛර්යයෙන් ක්‍රියා කළ සියලු දෙනාටත් ගෞරවය පුද කරනවා.
දෑස් පෙනෙන ඔබත් එක්ක මාලිමාවට කතිරය ගහන්න දෑස් නොපෙනෙන ලක්‍ෂ නවයක් ඡන්දපොළට එනවා
පැරැණි දේශපාලනයට සමු දී නව පුනරුද යුගයක් වෙනුවෙන් පෙළගැසෙමු -ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද ජයසිංහ මහතා
දේශපාලන පරිවර්තනවල දී සුවිශේෂී කාර්යභාරයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉටු කර තිබෙනවා. සැප්තැම්බර් 21 සිදු කළ පරිවර්තනයේ දී වැඩිම දායකත්වයක් දැක්වූ ගම්පහ දිස්ත්‍රික්කය මෙම මස 14 වැනිදා තවත් පෙරළිකාරී, විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙනවා. ගම්පහ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, අපනයන කර්මාන්තය වාගේම සංචාරක කර්මාන්තය සහ ක්‍රීඩාව, අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් දරාපු දිස්ත්‍රික්කයක්. අපේ රට ගොඩනැඟීමේ දී සුවිශේෂී දායකත්වයක් මේ දිස්ත්‍රික්කයෙන් ලබා දිය හැකි බව එයින් පැහැදිලියි. පන්, ගිනිකෙළි, පිත්තල, මැටි වාගේම සාම්ප්‍රදායික ලෝහ කර්මාන්තයත් මේ දිස්ත්‍රික්කයට කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ කර්මාන්ත ගොඩනඟන්න පසුගිය පාලන කාලවල දී කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ගම්පහ දිස්ත්‍රික්කය ගොඩනඟන සංවර්ධන සැලැස්ම සකස් කර අවසන්. එහි දී සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කමත් මූලිකව අරගෙන තිබෙනවා. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉහළට ඔසොවා තබා සියනෑ ජනතාවගේ ආර්ථිකය ඉහළට ගෙන ඒම වෙනුවෙන් අප කටයුතු කරනවා. මේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් හතරක් පිහිටා තිබුණත්, අත්‍යවශ්‍ය මූලික පහසුකම් කිසිවක් ලබා දී නැහැ.
අපි හිටගන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා- ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මවුලවි මුනීර් මුලෆ්ෆර් මහතා
මේ රට විනාශ කළ දූෂිතයන් පාර්ලිමේන්තුවට නැවත නොයවන ලෙස මෙතැනට නොපැමිණ සිටින සියලු ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. මේ රට විනාශ කිරීමට මූලික වූ පුද්ගලයන් වෙනත් පක්‍ෂවලින් වාගේම ස්වාධීන කණ්ඩායම්වලිනුත් ඉදිරිපත් වී සිටිනවා. මොන වෙස්මුහුණු බැඳගෙන ආවත්, අපි රැවටෙන්නේ නැහැ. අපි හිටගන්නේ, අපි යන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා. විදේශගත වී සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහත් ශක්තියක් ලබා දුන්නා. ඔවුන් එයින් ඔප්පු කළේ ඔවුන්ගේ හදවත හැම විටම මේ මහ පොළොවත් එක්ක බද්ධ වී තිබෙන බවයි. ඔවුන් හැම අවස්ථාවකදීම මේ රට හොඳ, යහපත්, නිවැරැදි තැනකට පත් කරන්න කල්පනා කරන බවයි. ඒ නිසාම ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් වියදම් කරගෙන පැමිණියා. එසේ පැමිණිය නොහැකි අය ඔවුන්ගේ ඥාති, මිත්‍රාදීන් දැනුම්වත් කර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළා. සිංහල, දෙමළ, මුස්ලිම් වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සියලුම දෙනා එක් වී ශ්‍රී ලාංකිකයි කියන රටක් අපි ගොඩනඟමු. අපි මාලිමාවේ එකට මේ මැතිවරණයට මුහුණ දෙමින්, මේ දක්වා ගොඩනඟා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. අපි ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ගොඩනඟන්න කැප වී ක්‍රියා කරමු.