උතුරේත් දකුණෙත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී සීටිය දී කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බව විපක්ෂ නායකවරයා පැවසීය.
එකී බංකොලොත්භාවයෙන් බැට කන ජනතාව කබලෙන් ලිපට ඇද දමීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතු වු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විපක්ෂ නායක කාර්‍යාලයේ පැවැති උත්සවයට එක්වෙමිනි.
තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ පවා කෘෂිකාර්මික නිෂ්පාදන සදහා බදු අය කර ඇති බවත් මේ නිසා සහල් ඇතුළු එළවළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැ යි විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවන් තත්ත්වයක් තුළ අප රටක් ලෙස තවදුරටත් බලා සිටිනවා ද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිනවාද යන්න ජනතාව තීන්දු කළ යුතු බව පෙන්වා දුන් හේ එම යහපත් අරමුණ වෙනුවෙන් නැගී සිටිමට ධෛර්ය ශක්තිය ලැබේවා යනුවෙන් හේ ප්‍රාර්ථනා කළේ ය.