අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති වගයි
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයීය සුභ සාධක සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බක්මහ උළෙල ( 2024) අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (29) දවස පුරා අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි .
අවුරුදු ජන ක්‍රිඩා රැසකින් අලංකාරවත්ව බක්මහ උළෙල පැවති අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුහ.අධිකරණ අමාත්‍යාංශ බක්මහ උළෙලේ අවුරුදු කුමාරයා හා කුමරිය තරගයෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් සහ කඹ ඇදීමේ හා කොට්ටපොරය තරග අවස්ථාවන් ඡායාරූපයේ දැක්වෙයි.